අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (04) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග කාලසටහනේ සුළු වෙනස් වීමක් සිදුව ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා
කොරියානු භාෂාව මෙවර උසස් පෙළ විෂය ධාරාවට නව විෂයක් ලෙස එකතු වී ඇති අතර එය කාලසටහන සඳහා එකතු කිරීමට යාමේදී එහි සුළු වෙනස්කම් කිහිපයක් කිරීමට සිදුවු බවයි විභාග කොමසාරිස්වරයා කියා සිටියේ.
ඒ හේතුවෙන් මීට පෙර නිකුත් කළ උසස් පෙළ විභාග කාලසටහන භාවිත නොකරන ලෙස සියළු විභාග අපේක්ෂකයින්ට දැනුම් දී තිබෙනවා.අපේක්ෂකයින්ට පහසුවන ලෙස ප්‍රවේශපත්‍රයේම නව කාලසටහන දක්වා ඇති බවත් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව කිසිදු වෙනත් තොරතුරකට යාමට අවශ්‍ය නොවන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
ප්‍රවේශපත්‍රයේ වෙන්කර ගැනීමට කොටසක් ඇති බැවින් එම කොටසේ ඉල්ලුම් කළ විෂයන්වලට අදාළ දිනය විෂය අංකය, කුමන පත්‍රය ද, මාධ්‍ය, ඒ ඒ විෂයන් පැවැත්වෙන වේලාව සඳහන් කර තිබෙනවා.
එය ප්‍රමාණවත් බවත්, උසස් පෙළ කාලසටහන පිළිබඳ තවත් කිසිදු දෙයක් සෙවීමට අවශ්‍ය නොවන බවත් විභාග කොමසාරිස්වරයා අවධාරණය කළා.
මේ අතර, ආපදා අවදානම සහිත ප්‍රදේශවල පිහිටි උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වෙනුවට විකල්ප පාසැල් සූදානම් කිරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් විභාගයට යාමට හෝ කිසියම් දෙයකට බාධාවක් ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 අංකය හෝ විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දිය හැකියි.
