උරුමයෙන් මොණරාගලට ඉඩම් ඔප්පු 41,960ක්

“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ වැඩිම ඔප්පු ප්‍රමාණයක් ලබාදීමට කටයුතු කරන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 25ක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මෙම වැඩසටහන් තුළින් ජයග්‍රහණය කරන්නේ මෙරට ගොවි ජනතාව බව පැවසු ජනාධිපතිවරයා ගොවි ජනතාව නඟා සිටුවමින් රට සංවර්ධනය කරා ගෙන යාම තම අරමුණ බව සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක සුදුසුකම්ලාභීන් 41,960ක් අතුරින් පුද්ගලයන් 600ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (30) පෙරවරුවේ වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කළේ මහනුවර රාජධානියට සහල් සැපයු වෙල්ලස්ස 1818 සටනින් පසු විනාශ වී ගිය බවයි.

පසුව විවිධ ආණ්ඩු යටතේ මෙම පළාත සංවර්ධනය වුව ද ජනතාවට ඉඩම් අයිතිය හිමි නොවූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටට බත සැපයූ ගොවි ජනතාවට කෘතවේදීත්වය පිරිනමින් එම වගකීම වත්මන් රජය යටතේ ඉටු කිරීමට ලැබීම පිළිබඳ සතුටු වන බව ද සඳහන් කළා.

එමෙන්ම උඩවලව, මොණරාගල, අම්පාර සහ මහවැලි සී කලාපය එක් කර වියළි කලාපයේ විශාල කෘෂිකර්මික කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?