උයන්න ගෑස් නැති අතරේ ගෑස්වලින් කරපු අමුතු වැඩේ

ගෑස් ටැංකි 6ක් යොදා ගනිමින් මහා පරිමාණයෙන් කසිප්පු පෙරූ ස්කාගාරයක් වටලා ගෝඩා බැරල් 51ක් හා කසිප්පු ලීටර් 675 ක් ඇතුළු භාණ්ඩ රැසක් බස්නාහිර පළාත් බුද්ධි ඒකකය මගින් මිනුවන්ගොඩදී ඊයේ (12දා) කොටුකරගෙන ඇත.

මෙහිදී ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. ජාවාරම්කරු ගෑස් ළිප් හයක් යොදාගෙන මාස තුනක් තිස්සේ මිනුවන්ගොඩ හොරම්පැල්ලේ කුලියට ගත් නිවෙසක් තුළ කසිප්පු පෙරා තිබේ.

කොළඹ, නිට්ටඹුව ඇතුළු ප්‍රදේශවලට මහා පරිමාණයෙන් ඉටි කවර තුළ බහා කසිප්පු පෙරන බවට බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ පල්ලෙවෙල පොලිසියට අනුයුක්ත සැරයන් ප්‍රදීප් (46492) හා කොස්තාපල් දංගල්ල (78983) ට ලද තොරතුරක් මත වැටලීම කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?