උපුල් චන්දන දෙන සහායට සනත්ගෙන් ඇගයුම් – කුසල්ගේ පරිණත ක්‍රීඩා විලාසය ගැනත් ප්‍රශංසා (වීඩියෝ)

ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් අතරින් ශ්‍රී ලංකාව අතීතයේ සිට විශිෂ්ට පන්දු රැකීමක් තිබූ කණ්ඩායමක් බැවින්, වත්මන් කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රගතිය තවදුරටත් වර්ධනය කිරීමට තම අපේක්ෂාව බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පවසනවා.

අද (21) පැවති මාධ්‍ය හමුවේ දී සනත් ජයසූරිය පැවසුවේ; ඒ සඳහා වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන උපුල් චන්දනගෙන් විශාල මෙහෙයක් සිදු වන බවයි.

තවම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ කුසලතාව තමන් අපේක්ෂා කරන මට්ටමට පැමිණ නොමැති වුව ද, එම පැමිණීමේ ගමන් මාර්ගය මේ වනවිට ආරම්භ කර ඇති බවත්; ඒ වෙනුවෙන් කැප වී වැඩ කරන බවත් සනත් ජයසූරිය කියා සිටියා.

මේ අතර මාධ්‍ය සාකඡාවට පැමිණ සිටි මාධ්‍යවේදියෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන සනත් ජයසූරියගෙන් මුල් පෙළ පිතිකරුවෙකු ලෙස කටයුතු කරන කුසල් මෙන්ඩිස්ගේ දක්ෂතා සහ මේ වනවිට ලකුණු අතර සිටීම සම්බන්ධයෙන් ද ප්‍රශ්න කර සිටියා.

එහිදී සනත් ජයසූරිය කියා සිටියේ; කුසල් මෙන්ඩිස් එංගලන්ත සංචාරයේ දී පවා ලකුණු අතර නොසිටි අවස්ථාවේ දී, පිතිකරණ පුහුණුකාරීත්වය දරන තිළිණ කණ්ඩම්බි ඇතුළු පුහුණුකරුවන්ගේ මණ්ඩලය විසින් එක් ව කුසල් මෙන්ඩිස්ගේ තාක්ෂණික පිතිකරණයේ යම් වෙනස්වීමක් සිදු කිරීමට කට‍යුතු කළ බවත්; ඉන් අනතුරුව කුසල් දේශීය ව මෙන් ම විදේශීය ව ද බොහෝ අවස්ථාවල ලකුණු අතරට පැමිණෙන අයුරු දැකීමට හැකි වීම සාධනීය ව සතුටු විය හැකි කාරණයක් බවයි.

එමෙන්ම නිමාවට පත් වූ නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලියේ දී අවසන් මැදපෙළ පිතිකරුවෙකු සමග දැඩි පීඩනයක් තරගයේ එල්ල වී ඇති මොහොතක පවා පරිණත ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරමින්, කණ්ඩායමේ ජයග්‍රහණයේ වගකීම ගෙන ක්‍රීඩා කළ අයුරු බලා සිටීම තමන්ට සතුටු විය හැකි ප්‍රවණතාවක් බව ද සනත් ජයසූරිය මෙහිදී කුසල් මෙන්ඩිස්ගේ පිතිකරණය ගැන වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?