උපන්දිනය දා අසම සම වාර්තාව සමකළ කිං කෝලි

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි සිය ජාත්‍යනතර ක්‍රිකට් දිවියේ 49 වන එක්දින ශතකය වාර්තා කිරීමට අද (05) සමත් වුණා.

ඒ, ලෝක කුසලාන තරගාවලියේ කොල්කාටා හිදී මේ වනවිට පැවැත්වෙන දකුණු අප්‍රිකාව සමඟ තරගයේ දීයි.

කෝලි අද දිනයේ වාර්තා කළ ශතකයත් සමඟ සචින් ටෙන්ඩුල්කාර් විසින් ජගත් එක්දින පිටියේ වැඩිම ශතක සංඛ්‍යාවක් රැස්කරගෙන ඇති වාර්තාව සමකිරීමට ද සමත් වුණා.

289 වන ජාත්‍යනතර එක්දින තරගයට ක්‍රීඩා කරමින් කෝලි මෙම වටිනා ශතකය රැස්කළේ පන්දු 119කට මුහුණ දෙමින්.

මේ අතර මෙම සුපිරි ක්‍රීඩකයාගේ 35 වන උපන් දිනය අද දිනට යෙදී තිබීම ද විශේෂත්වයක්.

විරාට් කෝලි ජාත්‍යනතර එක්දින පිටිය තුළ තවත් එක් ශතකයක් රැස්කළ හොත් ජගත් එක්දින පිටියේ වැඩිම ශතක සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයාට හිමි අසම සම වාර්තාව ඔහුගේ නම ඉදිරියේ ලියවෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51