උපකාරක පන්ති අසල අයිස් මත්ද්‍රව්‍ය විකුණූ සිව්දෙනෙකුට මාංචු

දීර්ඝ කාලයක සිට උපකාරක පන්ති අසල අයිස් මත්ද්‍රව්‍ය විකුණූ පුද්ගලයින් සිව්දෙනෙකු පොලිස් විශේෂ කාර්‍යය බලකාය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම ඊයේ දින සිදු කර ඇත්තේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් රාගම පොලිස් වසමේ හොරපේ දුම්රියපොළ අසල දී යි.

සැකකරුවන් ‘කුරුකුලාව සම්මානි’ නමැති උපකාරක පන්ති පවත්වන ස්ථානය අසල මෙම මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ යෙදී තිබෙනවා.

එමෙන්ම එදින ම හින්කෙන්ද – මුදිතා මාවතේ ද මත්ද්‍රව්‍ය වැටලීම් 04ක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ රාගම සහ කුරුකුලාව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 24ත් 34ත් අතර පසුවන පුද්ගලයින් සිව්දෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17 මිලිග්‍රෑම් 930 ක් සමග අත්අඩංගුවට ගැනුණා.

ඒ සමග යතුරු පැදියක්, මුදල් රුපියල් 6,600ක්, විද්‍යුත් තරාදියක් සහ ජංගම දුරකථන 03ක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34