උඳුවප් පොහොය අදයි

උතුම් උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබෙනවා.

වසරේ අවසන් පොහොය දිනය උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය වන අතර, ආගමික සහ ශාසනික වශයෙන් වැදගත් කරුණු රැසක් මෙම පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්.

දේවානම් පියතිස්ස මහ රජුගේ ආරාධනයකට අනුව සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් ශ්‍රී මහා බෝධියේ දකුණු ශාඛාව
මෙරටට වැඩමකර ඇත්තේ අද වැනි උඳුවප් පෙහොය දිනයකයි.

බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන අන්දමට මෙරට මෙහෙණි සස්න ආරම්භවීම ද උඳුවප් පොහොය දිනක සිදුව තිබෙනවා.

මේ අතර 2022 – 2023 ශ්‍රී පාද වන්දනා සමය ද අදින් ආරම්භ වන අතර, පුරා මාස 06ක කාලයක් පැවැත්වෙන ශ්‍රී පාද වන්දනා වාරය ලබන වසරේ (2023) වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් නිමාවට පත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?