උදේශිකා හා අනුෂ්කා සංජීවනී ව උණුසුම් ලෙස පිළිගැනේ

මෙවර ආසියානු කාන්තා ක්‍රිකට් කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම පන්දු යවන්නිය වන උදේශිකා ප්‍රබෝධනී සහ අනුෂ්කා සංජීවනී යන ක්‍රීඩිකාවන් උණුසුම් අයුරින් පිළිගැනීම ඔවුන්ගේ ගම් ප්‍රදේශයන් හි දී සිදු කෙරුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; උදේශිකා ප්‍රබෝධිනී ව ඇයගේ ගම් පළාත වන අම්බලන්ගොඩ – කරන්දෙණිය නගරයේ දීත්, අනුෂ්කා සංජීවනී ව හික්කඩුව ප්‍රදේශයේ දී ද උණුසුම් අයුරින් පිළිගැනීමට විශේෂ උත්සව සංවිධානය කර තිබූ බවයි.

ඉන්දීය කාන්තා කණ්ඩායම මෙවර ආසියානු කුසලානයේ අවසන් මහා තරගයේ දී පරාජයට පත් කරමින් චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමු වරට ආසියානු කාන්තා කුසලානයක් තමන් සතු කරගත්තා.

එම කණ්ඩායම වෙනුවෙන් දක්ෂ අයුරින් ක්‍රීඩා කළ අනුෂ්කා සංජීවනී සහ උදේශිකා ප්‍රබෝධිනී ව ඔවුන් ඉගෙනුම ලැබූ පාසල් වන හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයත්, කරන්දෙණිය මහා විද්‍යාලයත් විශේෂ රථ පෙරහැරකින් ඔවුන් ව කැඳවා ගෙන ගියා.

මෙම අවස්ථාවට ප්‍රදේශවාසීන් ද එක් ව සිටි බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
21
+1
2
+1
8
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59

?