උද්ඝෝෂණයේ ඩියුටි ඉන්න තාත්තා ගැන දියණියක් තැබූ සංවේදී සටහන

මේ දිනවල රටේ පවතින මහජන උද්ඝෝෂණයන් සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍යවල මෙන්ම රටේ ද වැඩි අවදානයක් යොමු වී තිබෙනවා. එම උද්ඝෝෂණ වලදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර විවිධ අවස්ථාවන් වලදී උණුසුම් මෙන්ම සංවේදී අවස්ථාවන් මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරුණා.

මේ පොලිස් නිලධාරියෙකු සම්බන්ධයෙන් ඔහුගේ දියණිය තබා තිබු පොස්ටුවක් ගැන සමාජ මාධ්‍යයේ පලවී තිබු සංවේදී සටහනක්…

පහල තියන පෝස්ට් එක දැක්කම හරියට දුක හිතුනා..

අම්මට ඊයෙ කෝල් එකක් ගත්තම අම්මා මට කියනවා.. “තාත්තා අදත් අතන උද්ඝෝෂණේට දාලා හැබැයි මං තාත්තට කිව්වා මිනිස්සු කෑ ගහගෙන එනකොට එයාලට යන්න දීලා පාඩුවෙ ඉන්න කියලා. ඉහලින් නියෝග ආවා කියලා මොනවා කිව්වත් තාත්තට මොනවා හරි උනොත් ඒක දැනෙන්නෙ මටයි ඔයාලටයිනෙ වෙන කාටවත් නෙවෙයිනෙ කියලා.”

අපි දන්න කාලෙකින් තාත්තා එක්ක පෝයට පන්සලකට ගිහින් නෑ.. එයා වැඩ..ඉස්සර මගෙ ඉස්කෝලෙ රැස්වීමකට තාත්තා නෑ. එයා වැඩ..
බර්ත්ඩේ එක සමරන්න එයා නෑ එන්නෙ ගොඩක් රෑ වෙලා. එයා වැඩ..

දරුවෙක් ලැබෙන්න ඉද්දි එයාලට එයාලගෙ වයිෆ් ලග ඉන්න නෑ එයාලා වැඩ. (මට මතකයි අපේ අම්මා කිව්වා අයියා ලැබෙන්න හොස්පිට්ල් ඉන්නකොට තාත්තා ලග නෑ එයා දුර ට්‍රාන්ස කරලා හිටියෙ කියලා.)

අඩුම ගානෙ තාත්තට අපි එක්ක ආදරෙන් කතා කරන්නවත් වෙලාවක් නෑ එයාට වැඩ.. පුංචි කාලෙ ඉඳන්ම දන්නෙ මගෙ තාත්තා පොලිසියෙනෙ වැඩ කරන්නෙ ඉතින් එයාට වෙලාවක් නෑ කියලා කියන්න.

තාත්‍තා ඉන්නම ඕන දවස්වල එයා ලඟ නැති වෙද්දි දැනෙන හැඟීම ඔය කාටවත් වඩා අපි දන්නවා..

පංතිය ලගට බයික් එකේ මාව ගිහින් දාන්න එයාට වෙලාවක් නෑ කියලා මං ඉස්සර රණ්ඩු කරලා තියනවා. අනිත් මිනිස්සුන්ට තියන පොඩි නිදහසක්වත් පොලිසියෙ ඉන්න අයට අඩුයි කියලා දැනගත්තෙ පොඩි කාලෙමයි. ඒත් කවදාවත් පොලිස්කාරයා කියලා පොලිස් මාමා කෙනෙක්ට කතා කරන්න දීලා නෑ අපේ තාත්තා. පොඩි කාලෙ ඉඳන්ම ගැහුවා බැන්නා අදටත් පොලිස්කාරයා කියලා කාටවත් කියලත් නෑ කියන්නෙත් නෑ මං..

උදේ ඉඳන් රෑ වෙනකන් වැඩ කරලා ගෙදර ඇවිත් ටිකක් නිදාගන්න යනකොටම තාත්තට කෝල් එකක් එනවා අන්න අතන එල්ලිලා මැරිලා එක්කෙනෙක් එතනට යන්න කියලා. ආයෙම ඉක්මනට ලේස්ති වෙලා එයා යනවා.

ඔය ඔක්කොම පිටින් බලලා මේ වගේ කියන මිනිස්සු දකින්නෙ නෑ.. හැමෝම හිතනවා වගේ ලක්ෂ ගනන් පඩි ලැබෙන රස්සාවක් නෙවෙයි ඒක. දුක් විඳලා ගන්න පඩියෙන් රුපියලක් වත් ගන්නෙ නැතුව තාත්තා ඉස්සර ඉඳන්ම අම්මගෙ අතට දෙන්නෙ.

එයා ඒක මැනේජ් කරගෙන තාත්තගෙ වියදමටත් දීලා අපි ඔක්කොගෙම වියදම් බලලා කරන්නෙ හරි පරිස්සමෙන්. අදටත් කාගෙන්වත් ණයක් ගන්නෙ නැතුව ජීවත් වෙන්නෙ අම්මගෙ අරපරිස්සම නිසා.

නැතුව අපේ තාත්තාලා පොලිසියෙ හිටියා කියලා අපිට හතරමහ නිධානෙ පහල වෙලා නෑ… ඒ නිසා මේ වගේ කතා කියන්න කලින් සියපාරක් හිතන්න..

යුනිෆෝම් එක ඇන්දෙ නැත්නම් මගෙ තාත්තත් ඔය අරගලයට යනවා අනිවාරෙන් 🥺🙏

May be an image of 2 people and people standing

May be an image of one or more people and text
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02