උතුවන්කන්ද ගලෙන් ඇද වැටී තරුණියක් ජීවිතක්ෂයට

මාවනැල්ල, උතුවන්කන්ද ගලෙන් ඇද වැටී තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පේරාදෙණිය සරසවියේ කෘෂිකර්ම පීඨයේ සහාය උපදේශිකාවක ලෙස කටයුතු කළ 27 හැවිරිදි තරුණියක් බවයි වාර්තා වන්නේ.

පේරාදෙණිය සරසවියේ සිසුන් පිරිසක් සමඟ උතුවන්කන්ද ප්‍රදේශයේ පර්යේෂණ චාරිකාවක නිරතව සිටිය දී ඇය අද (21) දහවල් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි තරුණියක් වන අතර ඇයගේ දේහය මේ වනවිට මාවනැල්ල මහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?