උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව ද බස්නාහිර සෞඛ්‍ය සේවාව මෙන් දියුණු කරනවා – ජනපති

උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව උසස් තත්ත්වයකට ගෙන ඒම වෙනුවෙන් 2017 වසරේ අග්‍රාමාත්‍යවරයා ලෙස ආරම්භ කළ ව්‍යාපෘති ජනාධිපතිවරයා ලෙස අද ජනතා අයිතියට පත්කර දීමට හැකි වීම පිළිබඳ සතුටු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ මාන්කුලම් මූලික රෝහලේවෛද්‍ය පුනරුත්ථාපන චිකිත්සාව සහ මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (26) දින එක්වෙමින්.

එහිදී උතුරු පළාතට නවීන රෝහල් සහිත සෞඛ්‍ය පහසුකම් ලැබී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා බස්නාහිර පළාත මෙන් උසස් සෞඛ්‍ය සේවාවක් සහිත පළාතක් ලෙස උතුරේ සෞඛ්‍ය සේවාව දියුණු කිරීම තම අරමුණ බවද කියා සිටියා .

නෙදර්ලන්ත රජයේ සහයෝගය ඇතිව රුපියල් මිලියන 4500ක වියදමින් යුතුව මෙම වෛද්‍ය මධ්‍යස්ථානය ඉදිකර තිබෙනවා.

උතුරු පළාතේ විශාලතම වෛද්‍ය පුනරුත්ථාපන චිකිත්සාව සහ මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය මෙය වන අතර, මානසික වෛද්‍ය පුනරුත්ථාපන ඒකකයක්, හදිසි අනතුරු ඒකකයක්,ශල්‍යාගාරයක්, රසායනාගාරයක්, විකිරණ ඒකකයක්, බාහිර රෝගී අංශයක් හා දැඩි සත්කාර ඒකකයකින් මෙය සමන්විතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝබැක් වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද මෙහිදී සිදුකෙරුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“අද මෙම වෛද්‍ය ඒකකය විවෘත කරන අවස්ථාවේ දී මෙහි පසුබිම පිළිබඳ සඳහන් කළයුතුයි. යුද්ධය නිසා උතුරු පළාතේ නැවතුන සේවාවන් යළි නගා සිටුවීමේ මූලික කටයුතු 2009 වසරේ යුද ජයග්‍රහණයෙන් පසු එවකට පැවති රජය විසින් ආරම්භ කළා.එම පළමු අදියරේ වැඩකටයුතු අවසන් වූ නමුත් මෙම සියලු අංශවල ඉදිරි ගමන වෙනුවෙන් දෙවන අදියරක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වුණා. ඒ අනුව උතුරු පළාතේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නගා සිටුවීම වෙනුවෙන් නව වෛද්‍ය ඒකක ඇති කිරීම සඳහා මම අග්‍රාමාත්‍යවරයා ලෙස නෙදර්ලන්ත රජය සමග සාකච්ඡා කළා. එම අවස්ථාවේ උතුරු පළාත් සභාවේ සිටි සෞඛ්‍ය අමාත්‍යවරයා සහ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මෙම කටයුතු සමඟ සම්බන්ධ වුණා.
යුද්ධයට පෙර, කොළඹට පසු හොඳම සෞඛ්‍ය මධ්‍යස්ථානය බවට පත්ව තිබුණේ යාපනයයි. බස්නාහිර පළාත දියුණුවීමත් සමඟ දකුණු පළාත සහ මධ්‍යම පළාත දියුණු වුණා. මගේ අරමුණ වන්නේ උතුරු පළාතද නැවත එම තත්ත්වයට ගෙන ඒමයි. මෙම රෝහල් පිළිබඳ විශේෂ උනන්දුවකින් යුතුව කටයුතු කරනු ලබන්නේ ඒ නිසයි.
ඒ, වගේම යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කර ඒ වෙනුවෙන් අවශ්‍ය ගොඩනැගිලක් ඉදිකිරීම වෙනුවෙන් 2017 වසරේ දී මා අග්‍රාමාත්‍යවරයා ලෙස මුදල් වෙන් කළා. අද මෙම විවෘත කිරීම සඳහා සහභාගිවීමට මට අවස්ථාව ලැබී තිබෙනවා. මම ජනාධිපති ධුරය භාර ගැනීමෙන් පසු මෙම වැඩකටයුතු කඩිනමින් අවසන් කළ යුතු බවට දැනුම් දුන්නා. දැන් උතුරු පළාත තුළ නවීන රෝහල් තිබෙනවා.
යාපනය රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමට අප තීරණය කළා. ඒ වගේම මන්නාරම රෝහල දියුණු කිරීමටත්, වව්නියාව රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කර වව්නියාව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබාදීමටත් කටයුතු කරනවා. රාගම රෝහලට පසුව මෙම නවීන යන්ත්‍රෝපකරණ තිබෙන එකම රෝහල මාන්කුලම රෝහල බවද සඳහන් කළ යුතුයි රාගම රෝහල ආරම්භ කළේ යුද්ධය නිසා ආබාධිත වූ පිරිස වගේම මානසික ගැටළු තිබූ අය වෙනුවෙන් සත්කාර කිරීමටයි. යුද්ධයෙන් පීඩාවට පත් වූ මෙම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙනුත් රාගම රෝහල වැනි නවීන රෝහලක් ලබාදීමට අප කටයුතු කර තිබෙනවා.
මෙම උතුරු පළාතට හිමි වූ රෝහල් ඒකක 04 සතුව තිබෙන උපකරණ ලංකාවේ බොහෝ රෝහල්වල නැහැ. මෙම උපකරණ ආරක්ෂා කර ගැනීමට කටයුතු කළයුතුයි. ඒ, වෙනුවෙන් රෝහල් පරිපාලනය සහ රෝහල් කළමනාකරණයේ මූලිකත්වය ගත යුතුයි. කියුබාව රටක් ලෙස සෞඛ්‍ය සේවාවන්වලදී ඉදිරියෙන් සිටින්නේ රෝහල් පරිපාලනය සහ කළමනාකරණය හොඳ මට්ටමක පවතින නිසයි. එම නිසා රෝහල් කළමනාකරණය සහ පරිපාලනය උසස් තත්ත්වයට ගෙන ඒමට අප කටයුතු කළ යුතුයි. ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ආසියානු සංවර්ධන අරමුදල මඟින් ප්‍රතිපාදන ලබා ගත හැකියි.සුභවාදී සෞඛ්‍ය සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම මෙම සෑම කටයුත්තක් තුළින්ම අප බලාපොරොත්තුවන බව ද කිවයුතුයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34