උතුරු නැගෙනහිර මෙතෙක් පැවැති මහවිරු සැමරුම් ගැන වාර්තාවක් අධිකරණයට

උතුරු නැගෙනහිර පළාත්වල මියගිය කොටි සාමාජිකයින් සිහිපත් කරමින් මෙතෙක් පැවැත් වූ “මහවිරු සැමරුම් උත්සව” සම්බන්ධයෙන් සිදුකළ පූර්ණ විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නා.

මහාවිරු සැමරුම් උත්සවවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට එවා තහනම් කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වන ආනන්ද ජයමාන මහතා විසින් කළ රිට් පෙත්සමක් ඊයේ (21) දින කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා මෙම දැනුම්දීම සිදු කළා.

අදාල පෙත්සම එස්. යූ. බී. කරලියද්ද සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාදීකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙම පෙත්සම ඉකුත්දා කැඳවනු ලැබූ අවස්ථාවේදී ජේෂ්ඨ රජයේ නීතිඥවරයා අභියාචනාදීකරණය හමුවේ කරුණු දක්වමින් උතුරු නැගෙනහිර පළාත්වල ඉකුත් නොවැම්බර් මස පැවැති මහා විරු සැමරුම් උත්සවවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දී තිබුණා.

ඒ අනුව, අදාල පෙත්සම ඊයේ (22) දින කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ නීතිපතිවරයා විසින් එවැනි ප්‍රතිඥාවක් ලබා දීම හේතුවෙන් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බවයි.

ඒ අනුව, අදාල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් පෙත්සම්කාර පර්ශවයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා කියා සිටියේ උතුරු නැගෙනහිර පළාත් වල මෙතෙක් පැවති මහාවිරු සැමරුම් උත්සව සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කාර්යාංශය සිදුකළ පරීක්ෂණවල පූර්ණ වාර්තාවක් තමා අධිකරණයට ඉදිරිපත් කිරීමට අදහස් කරන බවත් ඉන් පසුව මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන ඉල්ලීම සලකා බලන ලෙසත් ඉල්ලා සිටියා.

ඒ අනුව, අදාල විමර්ශන වාර්තාව අධිකරණය හමුවේ ගොනුකරන ලෙස රජයේ නීතිඥවරයාට නියම කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉන් අනතුරුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් වූ ඉල්ලීම සලකා බලන බවත් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?