AFC Banner
Empty Ad
Empty Ad

උතුරු කොරියාව දුර්ලභ ජායාරූප පෙළක් මුදා හරියි

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය නිපදවන යුරේනියම් සුපෝෂණ මධ්‍යස්ථානයක් පිළිබඳව ප්‍රථම වරට දර්ශනයක් ඉදිරිපත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ඡායාරූපවල දැක්වෙන්නේ, නායක කිම් ජොන් උන් ප්‍රදේශය පරීක්ෂා කරන ආකාරයයි.

එරට න්‍යෂ්ටි අවි නිෂ්පාදනය තව දුරටත් පුලුල් කිරීමට කටයුතු කරන ලෙස කිම් ජොං උන් මීට පෙරින් විද්‍යාඥයින් සහ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

කිම් ජොං මෙම සංචාරය කළේ කවදාද යන්න සහ ඔහු කුමන ස්ථානාට ගියේ ද යන්න පිළිබඳව උතුරු කොරියාව මෙතෙක් හෙළි කර නැහැ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු කොරියාව ප්‍රකාශ කර ඇත්තේ, උතුරු කොරියාව විසින් න්‍යෂ්ටික නිශ්පාදනය ඉහළ නැංවීම වෙනුවෙන් සිදු කරනු ලබන මෙවැනි ක්‍රියා තරයේ හෙළා දකින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
8
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?