ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කරන උතුම් බිනර පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා
මෙරට භික්ෂුණී සසුන ආරම්භය අද වැනි උතුම් බිනර පෝය දිනක සිදුවූ බවයි ශාසන ඉතිහාසයේ දැක්වුණේ
බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ වෙසෙන සමයේ මහා ප්‍රජාපතී ගෝතමිය, රෝහිනී නදී තීරයේදී පැවිදි වූ කුමරුවන්ගේ භාර්යාවන් 500 දෙනා සමඟ කෙස් සිඳ, කසාවත් හැඳ කිඹුල්වත්පුරයේ සිට පා ගමනින්ම විශාලා මහනුවරට පැමිණියා
පැවිද්ද සඳහා අෂ්ඨගරු ධර්ම පිළිගත යුතු බවට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලමින් ඒ අනුව භික්ෂුණී සසුන ආරම්භ වුණා
වස්සාන සමයෙහි බිනර පෝහොය ශාසනික මෙන්ම සාහිත්‍ය අතින්ද වැදගත් පොහොය දිනයක්.
මෙම සමය විහාරාරාමයන්හි නිබඳ ව වැඩ වසමින් භාවනා කර්මයන් හි යෙදෙමින් ස්වකීය ශාසන පරමාර්ථ ඉටු කරගන්නා කාල පරිච්ඡේදයක් ලෙසද මෙය හැඳින්වෙනවා