උත්සව සමයේ පාරිභෝගික අධිකාරියේ වැටලීම් ඉහළට

උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා වැටලීම් ඉහළ දමා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා.

එම අධිකාරිය පැවසුවේ පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම, වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සහ තොග සඟවා තබා ගැනීම යන කරුණු පිළිබඳව මෙම වැටලීම් වලදී අවධානය යොමුකරන බවයි.

ඒ, අනුව එලෙස වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, තොග සඟවා තබා ගැනීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් වෙළඳුන් 1500 කට වැඩි පිරිසකට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.

උත්සව සමයේ රාජකාරින් සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විශේෂ කණ්ඩායම් ද යොදවා ඇති අතර, නිවාඩු දිනවල මෙන්ම අවශ්‍ය අවස්ථාවල රාත්‍රි කාලයේ ද නිලධාරීන් රාජකාරින් සිදුකරමින් පවතින බව එම අධිකාරිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?