උත්සව සමයට සහල් ආනයනයට අනුමැතිය (වීඩියෝ)

එළඹෙන උත්සව සමය වෙනුවෙන් සහල් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ; මෙට්‍රික් ටොන් 70,000ක ස්වර්ණ නාඩු සහල් මෙරටට ආනයනය කිරීමට තීරණය කර ඇති බවයි.

රට තුළ සහල් අතිරික්තයක් පැවතිය ද; වෙළෙඳපොළට ගිය විට සහල් නොමැති බවත්; නමුත් වාර්තා අනුව රට තුළ අවුරුද්දකට සහල් මෙට්‍රික් ටොන් 40,000ක අතිරික්තයක් ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙය දරුණු ඛේදවාචකයක් හෙයින් මහ කන්නයේ වී වගා කර ඇති පසුබිමක වෙළෙඳපොලේ සහල් හිඟ වීම ගැටලුවක් බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ.

එබැවින් දෙසැම්බර් මස 15 වැනිදින වන විට රුපියල් 220ට ඇති සහල් මිල වැඩිවිය නොහැකි බවත්;
දෙසැම්බර් 15 වෙනකොට සහල් වෙළඳපොළට ලබාදීමට කටයුතු කරන බව ද අද පැවති මාධ්‍ය හමුවේ දී හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

එබැවින් සහල් යම් ප්‍රමාණයක් සීමාවකට යටත්ව ආනයනය කිරීමට තීරණය කළ බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ.

එමෙන්ම පාරිභෝගික අධිකාරියට ද වෙළෙඳසැල්වල සැඟවූ සහල් ඇති දැයි සොයා බැලීමට උපදෙස් ලබා දී ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29