එළඹෙන උත්සව සමය සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන පවසනවා.
අද (23) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.
ඒ අනුව හෙට (24) දිනයේ සිට මෙම විශේෂ බස් රථ සේවාව ආරම්භ කරන බව සඳහන් කළ සභාපතිවරයා, අමතර බස් රථ 107ක් හෙට දිනයේ දී කොළඹින් වෙනත් ප්‍රදේශ වෙත ගමන් ගන්නා මගීන් වෙඋවෙන් යොදවා ඇති බවයි පැවසුවේ.
ඊට අමතරව අනිද්දා (25) දිනයේ දී අමතර බස් රථ 75ක්, 26 වනදා අමතර බස් රථ 60ක් සහ 27 වනදා අමතර බස් රථ 52ක ප්‍රමාණයක් යොදවා ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




