උත්තර ලංකා සභාගය ජනගත වෙයි – ජායාරූප

ස්වාධීන පක්ෂ එකමුතුවේ සුසංයෝගයෙන් අද (04) දින මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රෙය්දී පැවැති මංගල මහා සමුළුවේදී ‘උත්තර ලංකා සභාගය‘ ජනගත කෙරිණි.

මෙහිදී ‘‘උත්තර ලංකා සභාගයේ“ නිලධාරී මණ්ඩලය ප්‍රකාශයට පත් කෙරුණු අතර උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ද ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා ද පත්ව තිබේ.

උත්තර ලංකා සභාගයේ ජාතික සංවිධායක ලෙස ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපතිවරුන් ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය, මහාචාර්ය තිස්ස විතාරණ, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්වරයා ලෙස යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවි‍දු කුමාරතුංග යන මහත්වරුන් ද ප්‍රකාශයට පත් කෙරිණි. එසේම උත්තර ලංකා සභාගයේ අනුශාසක ධුරයට විජය ධරණී ජාතික සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පත්ව සිටිති.

ඊට අමතරව ස්වාධීන පක්ෂ එකමුතුවේ සියලු පක්ෂ නියෝජනය වන පරිදි විධායක සභිකවරු ද පත්ව සිටින අතර ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ඒ අතර වෙති.

මෙම මංගල මහා සමුළුවට පැමිණි පිරිස පිළිගැනීම පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා විසින් සිදු කරන ලද අතර ඉන්පසුව සිදු වූයේ සභාගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයන් විසින් අත්සන් තැබීම ය. ඉන් අනතරුව සභාගයේ නාමය සහ නිලධාරී මණ්ඩලය ප්‍රකාශයට පත් කෙරිණි. සමුළු සාමාජිකත්වය ප්‍රතිඥාවක් ලබාදීම සහ මංගල සමුළුව සදහා නිර්මාණය වූ ගීතය ‘සිත් තුළ පිපෙන සජ්ජන පියුම“ ගීතය ද ජනගත කිරීම ද මෙහිදී සිදු විය. ඊට අමතරව සමුළුව සංස්කෘතිකාංග කිහිපයකින් ද වර්ණවත් විය.

සමුළු සාමාජිකත්වය අමතා උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ජාතික සංවිධායක වාසුදේව නානායක්කාර, නියෝජ්‍ය සභාපතිවරු වන උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ, නියෝජ්‍ය ලේකම්, ගෙවිදු කුමාරතුංග යන මහත්වරු මෙන්ම අනුශාසක පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ද අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවට සුබ පැතුම් රැගෙන ‘නිදහස’ ජනතා සභාව නියෝජනය කරමින් හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි උප සභාපති තිලංග සුමතිපාල යන මහත්වරු ද චීන, රුසියානු, ඉන්දීය, ඉරාන, වියට්නාම තානාපති කාර්යාලයන්හි රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39