උණ්ඩියල් ක්‍රමයෙන් මුදල් අතට ගත්තොත් වැඩ වරදී

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ උපයන මුදල් ​ඩොලර් ලෙස ලංකාවට එවනු වෙනුවට විදෙස්ගත මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඒවායේ කොටස් බෙදීයන සැලසුම්සහගත වැඩපිළිවෙළක් ගැන මහ බැංකුව හා පොලිසිය කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත.

ඒ අනුව උණ්ඩියල් හා හවාලා වැනි ක්‍රම මගින් විදේශ මුදල් හුවමාරු කිරීමට යොමු වී ඇති විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් හටද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වීමේ චෝදනා යටතේ නීතිය ඉදිරියට ගෙනයාමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මෙලෙස රටවල් රැසක ශ්‍රී ලාංකිකයන් උපයන විදෙස් විනිමය හවාලා ක්‍රමය යටතේ විදෙස් රටවල් තුළම රඳවා ගැනීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කළ සැලසුමක් හෙළිවීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම තීරණය ගෙන ඇත.

මෙරටට රැගෙන එන මත්ද්‍රව්‍ය තොගවලට අදාළ මුදල් බැංකුගත කිරීම වෙනුවට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ නිවෙස්වලට රුපියල්වලින් එම මුදල් ලබාදීම ජාවාරම්කරුවන්ගේ සැලසුමය. ඒ වෙනුවෙන් විදේශගත ශ්‍රී ලාංකිකයන් සිටින රටවලින් ඒ වෙනුවට මුදල් එකතුකිරීමට නියෝජිතයන් සිටින බවටද හෙළි වී තිබේ.

උණ්ඩියල්, හවාලා ජාවාරම්වල නිරතවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීත්‍යනුකූල බැංකු පද්ධතියෙන් පිට මෙම ජාවාරම උපක්‍රමයක් ලෙස ව්‍යාප්ත කර ඇත. දැනට වසරකට අධික කාලයක් තිස්සේ මහා පරිමාණ කුඩු ජාවාරම්වල මුදල් සංසරණය වූ බැංකු ගිණුම් සොයා රාජසන්තක කිරීමට පටන් ගැනීම හමුවේ මෙම උපක්‍රමය යොදවා ඇතැයි තොරතුරු අනාවරණය වී ඇත.

මෙරට තුළ ආර්ථික අර්බුදයට මූලිකම හේතුව වූ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් බැංකු ගිණුම්වලට විදෙස් විනිමය ලැබීම අඩුවීම සම්බන්ධයෙන් මහ බැංකුව විසින් කල නිරීක්ෂණයන් තුලින් තහවුරුවී තිබුණේ මෙම නීතිවිරෝධී මුදල් ගනුදෙනු ගැනය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයද මෙරට තුළ කිලෝ ගණනින් හසුවන මත්ද්‍රව්‍ය තොගවල මුදල් බැංකු ගත නොවීම සම්බන්ධව විමර්ශන අරඹා මෙම ජාවාරම් හෙළිකරගෙන තිබුනි.

මහ බැංකු අධිපතිවරයා කරන ලද ඉල්ලීමක් මත පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් මේ සම්බන්ධ විමර්ශන නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට භාරදී ඇත.

මේ අනුව මහ බංකුව හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග ඒකාබද්ධව විදෙස්ගත ලාංකිකයන්ගේ තොරතුරු පද්ධතිය ලබාගෙන ඔවුන්ගේ ගිණුම්වලට මීට පෙර මුදල් පැමිනි ආකාරය සහ මේ වන විට මුදල් පැමිනෙන ආකාරය නිරීක්ෂණය කිරීමට තීරණය කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් නීතිවිරෝධී ආකාරයට ඉපැයූ මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් කරන චෝදනාවලට විදෙස්ගත ලාංකිකයන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සාකච්ඡා කර​ තිබේ.

මෙම විමර්ශන සඳහා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ ​පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතා යටතේ විශේෂ කණ්ඩායම් හතරක් යොදවා ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි - පක්ෂව ඡන්ද 158ක්
00:53
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ යකා නටයි - අගමැතිතුමිය පරිස්සමින් ඉන්න..ඉස්සෙල්ලම මේක එන්නේ ඔයාලට
06:43
Video thumbnail
ඔයාලා අධිකරණය හෑවා..හවසට පාර්සලුත් අරගෙන යනවා - මොකක්ද ඔයාලගෙයි අපෙයි වෙනස
03:59
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50
Video thumbnail
IMF එක කියන හැම පදයටම නටන්න ඕනි නෑ - IMF එකඟතාවයකට නොපැමිණීම ගැන හර්ෂ කළ හෙළිදරව්ව
08:36
Video thumbnail
අද රඟ දැක්වෙන්නේ පළිඟු මැණිකේ දෙක - ඇයි මේ විනිසුරුවරුන් රෑ එළිවෙනකල් නඩු අහනවද ?
10:54
Video thumbnail
22 සම්මතයෙන් පසු රටට වෙන දේ දයාසිරි හෙළිකරයි - හෙට ඉදන් කූඩුවේ දාපු විනිසුරුවරු වගේ ඉන්නේ
11:15
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07
Video thumbnail
සජබ රංජිත් මාධ්‍යවේදීන් එක්ක පැටලෙයි ?ඔයාලට ප්‍රශ්නයක්ද අපි එකතු වෙන එක..ආණ්ඩුවට කඩේ යනවද ?
02:17