spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උඩු මහලෙන් මතුවූ ටෙලි නිළියගේ අමුතු සෙල්ලම

මෑත කාලයේ ජනප‍්‍රියම ටෙලිනාට්‍යයක් ඇතුළු ටෙලිනාට්‍ය කිහිපයක පෙනී සිටින නිළියන් යොදාගෙන මිනුවන්ගොඩ පොලිස් වසමේ නිල්පනාගොඩ ප‍්‍රදේශයේ හෝටලයක උඩු මහලේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ටෙලිනාට්‍ය සඳහා පෙනී සිටින නිළියක් සහ එම ස්ථානය පවත්වාගෙන ගිය කළමනාකාරිනිය පෙරේදා (10) වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මිනුවන්ගොඩ නිල්පනාගොඩ අලූතැපොළ ප‍්‍රදේශයේ ටෙලිනාට්‍ය නිළියන් යොදාගෙන ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතාට ලැබුණු තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් වැටලීමට ගොස් ඇත.

වැටලීම සිදුකරන අවස්ථාවේ විදුලිය විසන්ධිකර තිබී ඇති අතර වෙනත් දිනවල මේ ස්ථානයේ සේවය සඳහා සිව්දෙනකු පමණ සිටින බවත් විදුලිය විසන්ධිවී තිබීම නිසා කිහිපදෙනෙක් පැන ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මෙම ගණිකා නිවාසය පවත්වාගෙන යෑම සඳහා නිළියන් සැපයීම ටෙලිනාට්‍යවල ආරක්‍ෂක අංශ නිලධාරියකුගේ චරිතයට පෙනී සිටින අයෙකු විසින් සිදුකර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමු වී ඇත.

අත්අඩංගුවට ගත් ටෙලිනාට්‍ය නිළිය ප‍්‍රධාන චරිත රඟපාන නිළියක් නොවන අතර මෙම ස්ථානයට පැමිණෙන අනෙක් නිළියන් ගැන විමර්ශන නිලධාරීන්ගේ අවධානයට යොමු වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?