උඩරට දෙමළ ජනතාව ඇගයීමේ උත්සව මාලාවක් සඳහා කැබිනට් අනුමැතිය

වසර දෙසීයක පමණ කාලයක සිට උඩරට දෙමළ ජනතාවගෙන් ශ්‍රී ලාංකීය ආර්ථිකයට ලැබෙන දායකත්වය අගයා උත්සව මාලාවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

වතුකරයේ ආදායමෙන් තුනෙන් එකකට වඩා දායකත්වය ලබා දෙන කඳුරට දෙමළ ප්‍රජාවේ ප්‍රථම කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ වසර දෙසීයක් සපිරීම නිමිත්තෙන් 2023 වසරේ පෙබරවාරි මස මෙම වැඩසටහන් මාලාව පැවැත්වීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීමටයි මෙලෙස කඩිනම් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත්තේ.

මීට වසර දෙසීයකට පෙර ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වූ උඩරට දෙමළ ජනතාවගේ සේවය ඇගයීම මෙන්ම ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව මෙම වැඩසටහන් මාලාව සංවිධානය කිරීමට අපේක්ෂා කරනවා.

150,000කට අධික උඩරට දෙමළ වතු කම්කරුවන් පිරිසක් ප්‍රධාන වශයෙන් මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත් ආශ්‍රිතව පදිංචිව සිටින අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම සංස්කෘතියට ද ඔවුන්ගෙන් සැළකිය යුතු දායකත්වයක් හිමිවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?