ඊශ්‍රායල – හමාස් ගැටුම් මැද අමෙරිකාවෙන් ප්‍රහාරයක්

මැදපෙරදිග කලාපයේ ආරක්ෂක කටයුතු සිදු කරන අමෙරිකානු ආරක්ෂක හමුදාව වෙත මිලීෂියා නමැති හමුදා බලැති සංවිධානයක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයට එක්සත් ජනපදය සැර පිළිතුරක් ලබා දී තිබෙනවා.

ඒ මිලිෂීයාවේ හමුදා බලැති කණ්ඩායම් වෙසෙන කේන්ද්‍රස්ථාන ද්විත්වයකට දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කරමින්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මිලීෂියාව යනු සිරියාවේ ඉරාන පිටුබලය ලබන්නා වූ විධිමත් සහ නීත්‍යානුකූල ආරක්ෂක අංශයක් නොව, ප්‍රහාරාත්මක අයුරින් සන්නද්ධ වූ කැරළි කණ්ඩායමක් ලෙසින් හැඳින්විය හැකි බවයි.

මිලීෂියාවේ මෙම හැසිරීම හේතුවෙන් අමෙරිකාව නොසතුටට පළ කරමින්, ඔවුන් එම කලාපයේ දී ඩ්‍රෝන් සහ රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

ඒ ඊයේ රාත්‍රියේ දී බවටයි ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සඳහන් කළේ.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) සහ අනුබද්ධ කණ්ඩායම් විසින් මිලීෂියානුවන්ට යුද පහසුකම් අදාළ කේන්ද්‍රස්ථානවල දී ලබා දී ඇති බවත් වාර්තා වනවා.

ආරක්ෂක ලේකම් ඔසිටින් කියා සිටියේ, සිය ජනාධිපති ජෝ බයිඩ්න් විසින් නියෝග කරන ලද නියෝගයන්ට අනුව සිය ආත්ම ආරක්ෂාව වෙනුවෙන් විවිධ මැදපෙරදිග රටවල් විසින් සකසනු ලැබූ සන්නද්ධ කණ්ඩායමක් ලෙසට මිලිෂීයාව හැඳින්විය හැකි බවයි.

CNN පුවත් සේවය වාර්තා කර ඇත්තේ මේ වනවිට උත්සන්න වෙමින් පවතින මැදපෙරදිග ඊශ්‍රායල – පලස්තීන හමාස් ගැටුම් මාලාවට ද මෙම මිලීෂියා කණ්ඩායම් සෘජු දායකත්වය සපයන බවට එක්සත් ජනපදය තරයේ විශ්වාස කරන බවයි.

එක්සත් ජනපදයට එරෙහි ව සිරියාව විසින් එල්ල කරනු ලබන සෑම ප්‍රහාරයක දී ම ඉරානය ද මනා කාර්‍යයභාරයක් ඒ වෙනුවෙන් ඉටු කරන බවත් අමෙරිකාව චෝදනා කරනවා.

ඉරානයේ ප්‍රොක්සිවරුන්ගේ ප්‍රහාර දිගට ම පැවතුනහොත්; අමෙරිකානු ප්‍රහාර මීට වඩා ප්‍රචණ්ඩකාරී විය හැකි බවට ද ආරක්ෂක ලේකම් ඔස්ටින් අනතුරු අඟවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
4
+1
1
+1
3
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02