ඊශ්‍රායල – හමාස් ගැටුම් මැද අමෙරිකාවෙන් ප්‍රහාරයක්

මැදපෙරදිග කලාපයේ ආරක්ෂක කටයුතු සිදු කරන අමෙරිකානු ආරක්ෂක හමුදාව වෙත මිලීෂියා නමැති හමුදා බලැති සංවිධානයක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයට එක්සත් ජනපදය සැර පිළිතුරක් ලබා දී තිබෙනවා.

ඒ මිලිෂීයාවේ හමුදා බලැති කණ්ඩායම් වෙසෙන කේන්ද්‍රස්ථාන ද්විත්වයකට දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කරමින්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මිලීෂියාව යනු සිරියාවේ ඉරාන පිටුබලය ලබන්නා වූ විධිමත් සහ නීත්‍යානුකූල ආරක්ෂක අංශයක් නොව, ප්‍රහාරාත්මක අයුරින් සන්නද්ධ වූ කැරළි කණ්ඩායමක් ලෙසින් හැඳින්විය හැකි බවයි.

මිලීෂියාවේ මෙම හැසිරීම හේතුවෙන් අමෙරිකාව නොසතුටට පළ කරමින්, ඔවුන් එම කලාපයේ දී ඩ්‍රෝන් සහ රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

ඒ ඊයේ රාත්‍රියේ දී බවටයි ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සඳහන් කළේ.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) සහ අනුබද්ධ කණ්ඩායම් විසින් මිලීෂියානුවන්ට යුද පහසුකම් අදාළ කේන්ද්‍රස්ථානවල දී ලබා දී ඇති බවත් වාර්තා වනවා.

ආරක්ෂක ලේකම් ඔසිටින් කියා සිටියේ, සිය ජනාධිපති ජෝ බයිඩ්න් විසින් නියෝග කරන ලද නියෝගයන්ට අනුව සිය ආත්ම ආරක්ෂාව වෙනුවෙන් විවිධ මැදපෙරදිග රටවල් විසින් සකසනු ලැබූ සන්නද්ධ කණ්ඩායමක් ලෙසට මිලිෂීයාව හැඳින්විය හැකි බවයි.

CNN පුවත් සේවය වාර්තා කර ඇත්තේ මේ වනවිට උත්සන්න වෙමින් පවතින මැදපෙරදිග ඊශ්‍රායල – පලස්තීන හමාස් ගැටුම් මාලාවට ද මෙම මිලීෂියා කණ්ඩායම් සෘජු දායකත්වය සපයන බවට එක්සත් ජනපදය තරයේ විශ්වාස කරන බවයි.

එක්සත් ජනපදයට එරෙහි ව සිරියාව විසින් එල්ල කරනු ලබන සෑම ප්‍රහාරයක දී ම ඉරානය ද මනා කාර්‍යයභාරයක් ඒ වෙනුවෙන් ඉටු කරන බවත් අමෙරිකාව චෝදනා කරනවා.

ඉරානයේ ප්‍රොක්සිවරුන්ගේ ප්‍රහාර දිගට ම පැවතුනහොත්; අමෙරිකානු ප්‍රහාර මීට වඩා ප්‍රචණ්ඩකාරී විය හැකි බවට ද ආරක්ෂක ලේකම් ඔස්ටින් අනතුරු අඟවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
4
+1
1
+1
3
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?