Empty Ad
AFC Banner
Empty Ad

ඊශ්‍රායල ප්‍රහාරයකින් හමාස් ප්‍රබලයෙක් බිරිඳත් සමඟ මරුට

දකුණු ගාසා තීරයට ඊශ්‍රායල එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් හි ඉහළ පෙළේ දේශපාලන නායක සලාහ් අල්-බර්ඩවීල් මියගොස් තිබෙනවා.

ඔහුගේ මරණය හමාස් සංවිධානය තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායල එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් බර්ඩවීල් සහ ඔහුගේ බිරිඳ ද මියගොස් ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

ඊශ්‍රායල එල්ල කල මිසයිලයක් ඔවුන්ගේ කූඩාරමට වැදී ඇති අතර, එම අවස්ථාවේ දී බර්ඩවීල් තම බිරිඳ සමඟ යාච්ඤා කරමින් සිටි බවයි හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

මේ අතර පසුගිය අඟහරුවාදා ඊශ්‍රායලය ගාසා තීරයේ හමුදා මෙහෙයුම් නැවත ආරම්භ කිරීමෙන් පසු මිය ගිය බවට වාර්තා වී ඇති හමාස් නිලධාරීන් ගණන් 10ක් බව සඳහන්.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?