ඊශ්‍රායල අගමැති නෙතන්යාහු, බුද්ධි අංශයට දොස් පවරයි

හමාස් සංවිධානය ඔක්තෝබර් 07 වනදා දැවැන්ත ප්‍රහාරයක් සැලසුම් කර ඇති බවට කිසිම අවස්ථාවක අනතුරු ඇඟවීමක් සිදුනොකිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට බුද්ධි අංශය වන මොසාඩ් සංවිධානයට දෝෂාරෝපණ එල්ල කර තිබෙනවා.

තමන්ගේ යුද කැබිනට්ටුව තුළ දේශපාලන කැළඹීමක් සහ භේදයක් ඇති කරන මෙම ප්‍රහාරය පිළිබඳව කිසිම අවස්ථාවක අනතුරු ඇඟවූයේ නැති බවයි නෙතන්යාහු බුද්ධි අංශ ප්‍රධානීන් අමතා පවසා ඇත්තේ.

මේ අතර හමාස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ, ආරක්ෂක අංශ පමණක් නොව, තමා ද වගකිව යුතු බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ.

යුද්ධය අවසන් වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට පියවර ගන්නා බවත් ද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් 07 වනදා හමාස් සටන්කාමීන් විසින් දකුණු ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයන්ගෙන් ඊශ්‍රායලයේ පුද්ගලයින් 1,400ක් මරුමුවට පත්ව තවත් පුද්ගලයන් 230 ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගැනීමට ලක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29