spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු, බුද්ධි අංශයට දොස් පවරයි

හමාස් සංවිධානය ඔක්තෝබර් 07 වනදා දැවැන්ත ප්‍රහාරයක් සැලසුම් කර ඇති බවට කිසිම අවස්ථාවක අනතුරු ඇඟවීමක් සිදුනොකිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට බුද්ධි අංශය වන මොසාඩ් සංවිධානයට දෝෂාරෝපණ එල්ල කර තිබෙනවා.

තමන්ගේ යුද කැබිනට්ටුව තුළ දේශපාලන කැළඹීමක් සහ භේදයක් ඇති කරන මෙම ප්‍රහාරය පිළිබඳව කිසිම අවස්ථාවක අනතුරු ඇඟවූයේ නැති බවයි නෙතන්යාහු බුද්ධි අංශ ප්‍රධානීන් අමතා පවසා ඇත්තේ.

මේ අතර හමාස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ, ආරක්ෂක අංශ පමණක් නොව, තමා ද වගකිව යුතු බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ.

යුද්ධය අවසන් වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට පියවර ගන්නා බවත් ද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් 07 වනදා හමාස් සටන්කාමීන් විසින් දකුණු ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයන්ගෙන් ඊශ්‍රායලයේ පුද්ගලයින් 1,400ක් මරුමුවට පත්ව තවත් පුද්ගලයන් 230 ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගැනීමට ලක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?