ඊශ්‍රායලයේ හමුදා බුද්ධි අංශ සැපයුම් මූලස්ථානයකට ප්‍රහාර – මොසාඩ් ගැනත් අනාවරණයක්

ඊශ්‍රායලයේ ‘අමන්’ හමුදා බුද්ධි අංශයේ සැපයුම් මූලස්ථානයට ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාරවලින් එම ගොඩනැගිල්ල මුළුමනින් ම විනාශ වී ඇති බවයි https://x.com/TehranTimes79 වාර්තා කළේ.

මීට අමතර ව ඉරානයේ හමුදා භූමි බලකායේ 35 වැනි විශේෂ බලකා ඒකකයේ ගුවන් අංශ විසින් ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන යානා බිම හෙළා ඇති අයුරු දැක්වෙන ඡායාරූපයක් ද මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

කෙසේවෙතත් ටෙහෙරාන් ටයිම්ස් වාර්තා කළේ, මොසාඩ් මූලස්ථානයට පහරදීමකින් එය විනාශ වූ බවට පෙන්වන දර්ශන අසත්‍ය බවට තොරතුරු වාර්තා වන බවයි.

එමෙන්ම මෙවන් යුද තත්ත්වයක් යටතේ ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය කැට්ස් පවසා ඇත්තේ ඊශ්‍රායල ගුවන් හමුදාව අද ටෙහෙරානයේ ඉතා වැදගත් ඉලක්ක, පාලන තන්ත්‍ර වෙත නියත වශයෙන් ම පහරදෙනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?