ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්

ඊශ්‍රායලය විසින් අද (13) අලුයම ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාවෙන් පසු මතුව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ වනවිට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඇති වී තිබෙන මෙම තත්ත්වයත් සමඟ ගුවන් ගමන් සීමා කර ඇති බැවින්, ඊශ්‍රායලයට පැමිණෙන සහ ඊශ්‍රායලයෙන් පිටත්ව යෑමට සිටින ශ්‍රී ලාංකිකයින් නැවත දැනුම් දෙන තුරු ගුවන් ගමන් පමා කරන ලෙසයි අදාළ නිවේදනය මඟින් දැනුම් දී ඇත්තේ.

එමෙන්ම ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට තම ආරක්ෂාව සලසා ගන්නා ලෙස ද උපදෙස් දී තිබෙනවා.

ඊට අමතරව සතුරු පාර්ශ්වයන්ගෙන් එල්ල විය හැකි මිසයිලවලින් ආරක්ෂාවීම සඳහා ආරක්ෂිත කුටි ආසන්නයේ රැඳී සිටින ලෙසටත් බීමට අවශ්‍ය ජලය හා වියළි අහාර ළඟ තබාගන්නා ලෙසටත් ලාංකිකයින්ට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම තානාපති කාර්යාල පැය 24 පුරා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගත හැකි බව ද දැනුම් දෙනවා.

මේ අතර ඊශ්‍රායලය තුළ මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, මෙම ප්‍රහාරයට ඉරානය කඩිනමින් ප්‍රති ප්‍රහාර එල්ල කරනු ඇති බවයි ඊශ්‍රායලය පවසන්නේ.

ඊශ්‍රායල ආරක්ෂක අංශ එල්ල කළ මෙම දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාව හමුවේ ඉරාන විප්ලවකාරී හමුදාවේ ප්‍රධානී හුසේන් සලාමි ද මියගොස් තවත් විශාල හානියක් සිදුව තිබෙනවා.

ඊශ්‍රායලය විසින් ඉරානයේ හදුනාගත් ප්‍රදේශ ගණනාවක් ඉලක්ක කොට ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟම මැදපෙරදිග කලාපය පුරා නොසන්සුන්තාවයක් ඇතිවී තිබේ. ඊශ්‍රායලය, ඉරානය ඇතුළු කලාපය පුරා ගුවන් කලාප හරහා ගුවන් ගමන් නතර කොට ඇති අතර ගුවන් ගමන් මාර්ග වෙනස් කොට යුරෝපය හා ආසියාව අතර ගමන් වාර ආරම්භ කොට තිබේ. මේ හේතුවෙන් බොහෝ ගුවන් ගමන්වල කාලය දිගුවිය හැක.ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ශාකරන් පිරිස් තම පැමිණීම නැවත දැනුම් දෙන තුරු පමා කරන ලෙස දන්වන් අතර ශ්‍රී ලංකාව අබලා පිටත්ව යන පිරුස වෙත මෙම දැනුම්දීම් අවලංගු වේ. ඊශ්‍රායලයේ සියලු කාර්යාල හා වැඩබිම්වල කටයුතු නැවත ඇති අතර රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කොට තිබේ.ශ්එස්ස්රයලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට තම ආරක්ෂාව සලසා ගන්නා ලෙස උපදෙස් දෙන අතර සතුරු පාර්ශවයන්ගෙන් ඉල්ලා විය හැකි මිසයිල වලින් ආරක්ෂාව සඳහා ආරක්‍ෂිත කුටි ආසන්නයේ රැදී සිටින ලෙස දන්වමි. ප්‍රවාහන කටයුතු නැවත ඇති අතර සියලු දෙනාට ආරක්ෂක ස්ථානවලට යන අලෙස උපදෙස් ලැබී තිබේ. හදිසි අවස්ථාවක දී ගිලන්රථ සේවා ක්‍රියාත්මක අතර තානාපති කාර්යාලයේ නිලධාරීන් පය 24 පුරා දුරකතනයෙන් සම්බන්ද කර ගත හැක. සෑම අවස්ථාවක දීම බිමට අවශ්‍ය ජලය හා වියලි අහාර ළඟ තබා ගන්න. ඖෂධ භාවිතා කරන පිරිස නිරන්තරයෙන් ඒවා තමාගේ අසන්න ස්ථානයක තබා ගන්න. පවතින තත්ජ්වය විටින් විට යාවත්කාලින කරනු ලැබේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
ඊශ්‍රායලය13/06/2025, updated at 06.00

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04