ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අතිවිශේෂ දැනුම්දීමක්

ඊශ්‍රායලයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින්.

ඊශ්‍රායලයේ පැවැත්වෙන සිංහල අවුරුදු උත්සව සමයේ ආරක්ෂාව සම්බන්ධව සැලකිලිමත් වන ලෙසයි එම නිවේදනය මගින් දන්වා ඇත්තේ.

අද (18) උදෑසන යෙමනයේ හවුති ත්‍රස්ත සංවිධානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කොට එල්ල කරන ලද මිසයිල ප්‍රහාර ගණනාවක් සාර්ථක ලෙස අක්‍රීය කිරීමට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සමත්වූ බැවින් යෙමනයේ හවුති කැරලිකරුවන් විසින් ඊශ්‍රායලය ඉලක්ක කර මිසයිල ප්‍රහාර එල්ල කළ හැකි බව එහි සඳහන් කර තිබෙනවා.

ඒ අනුව හෙට (19) සිට 26 වැනිදා දක්වා එරට ප්‍රදේශ කිහිපයක අවුරුදු උත්සව ඇතුළු විවිධ ඉසව් සංවිධානය කර ඇති බැවින් මේ සම්බන්ධව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසත් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?