ඊශ්‍රායලයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයින් හදිසි තත්ත්වයක් ඇති වුණොත් ගෙන්වා ගන්නවා – විජිත හේරත් (වීඩියෝ)

මැදපෙරදිග යුද තත්ත්වය තවත් දරුණු අතට පරිවර්තනය වුවහොත්, ඊශ්‍රායලයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයින් ජෝර්දාන්, සයිප්‍රයිස් ආදි යාබද රටවල් හරහා ගෙන්වීමට කටයුතු කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළා.

අද (19) පාර්ලිමේන්තු සභා වාරයේ අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, එම කටයුතු සඳහා රජය මැදිහත් වන බවයි.

මේ අතර පවතින තත්ත්වය යටතේ ඊශ්‍රායලයේ සිට ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාවට යාමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් සඳහා, අදාළ දේශසීමාවට ඉදිරිපත් කිරීමට සහතික කරන ලද ලිපියක් ලබා දීමට තානාපති කාර්යාලයේ තීරණය කර තිබෙනවා.

එසේ ලිපි අවශ්‍ය ශ්‍රී ලාංකිකයන්, තම ගුවන් ගමන් බලපත්‍රය හා වීසා බලපත්‍රය රැගෙන ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණෙන ලෙසයි එම තානාපති කාර්යාලය දැනුම්දෙන්නේ.

ඊශ්‍රායලයේ වලංගු වීසා හිමි ශ්‍රී ලාංකිකයන්ට ඊජිප්තුව හරහා ගමන් කිරීමට පැය 96ක වීසා බලපත්‍රයක් ලබා දෙන අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් 50ක මුදලක් අය කරනවා.

ඊට අමතරව දේශසීමා ගාස්තු ශේකල් 120ක් ද අය කරන බවයි ඊශ්‍රායලයේ තානාපති කාර්යාල නිවේදනය කළේ.

මේ අතර ඊශ්‍රායලයේ ටෙල් අවිව් බියර්ශෙබා රෝහල ආසන්නයට එල්ල වූ ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

සාත්තු සේවිකාවක වන ඇය මේ වනවිට එම රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25