මෙම වසරේ ගත වූ කාලයතුළ මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ ඊයේ (05) දිනයේ දී මෙරටින් ඩෙංගු රෝගීන් 2,604ක් වාර්තා වී ඇති බවයි.
මේ අතර මෙම මාසයේ ගතවූ දින පහ තුළ රෝගීන් 5,663ක් වාර්තා වී තිබෙනවා.
ඩෙංගු රෝගය හේතුවෙන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එලෙස ජීවිතක්ෂයට පත්වූවන් අතර අවුරුදු 05ට අඩු දරුවන් පස්දෙනෙක් ද සිටිනවා.
මේ අතර සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව
දැක්වෙන්නේ 32,054ක් ලෙසයි.
දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 142ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.













