ඊයේ දිනයේදී වැඩිම කොරෝනා රෝගීන් කොළඹින්

නිරෝධායන නීති කඩ කළ 392ක් අත්අඩංගුවට

ඊයේ දිනයේදී වාර්තා වු කොරෝනා ආසාදිතයින් 435 දෙනාගෙන් 160 දෙනෙකු වාර්තා වී ඇත්තේ  කොළඹ දිස්ති‍්‍රක්කයෙන් බව කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසනවා. ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 71 දෙනෙකුද කළුතර දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 21 දෙනෙකු වාර්තා වුණා. ඔවුන් සියලූ දෙනා පෑලියගොඩ සහ මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශී‍්‍රතයින බවයි කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. ඒ අනුව එම පොකුරෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 15,761වන අතර ඉන් ආසාදිතයින් 9,905 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. 

මේ අතර මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 19,279ක් වන අතර ඉන් පුද්ගලයින් 13,270 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,935ක් බවයි කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. මෙරටින් වාර්තාවන සමස්ථ කොරෝනා මරණ 74ක්.  ඊයේ දිනයේදී පමණක් මෙරට තුළ PCR පරීක්ෂණ 10,514 ක් සිදුකර තිබෙනවා. ඒ අනුව ඉකුත් පෙබරවාරි මස 18 වනදා සිට මේ දක්වා කාලය තුළ මෙරට සිදුකර ඇති සමස්ථ PCR පරීක්ෂණ සංඛ්‍යාව හත්ලක්ෂ 24,166 ක්. 

මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 19, 280 ක්. ඉන් අසාදිතයින් 13,271 දෙනෙකු පූර්ණ සුවය ලබා මේවනවිටත් රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,935 ක්. 

මේ අතර නිරෝධායන රීති කඩ කල තවත් පුද්ගලයින් 34 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. ඒ අනුව මේ වන විට නිරෝධායන රීති කඩ කල  පුද්ගලයින් 392ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?