ඊයේ දිනයේදී වැඩිම කොරෝනා රෝගීන් කොළඹින්

නිරෝධායන නීති කඩ කළ 392ක් අත්අඩංගුවට

ඊයේ දිනයේදී වාර්තා වු කොරෝනා ආසාදිතයින් 435 දෙනාගෙන් 160 දෙනෙකු වාර්තා වී ඇත්තේ  කොළඹ දිස්ති‍්‍රක්කයෙන් බව කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසනවා. ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 71 දෙනෙකුද කළුතර දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 21 දෙනෙකු වාර්තා වුණා. ඔවුන් සියලූ දෙනා පෑලියගොඩ සහ මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශී‍්‍රතයින බවයි කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. ඒ අනුව එම පොකුරෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 15,761වන අතර ඉන් ආසාදිතයින් 9,905 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. 

මේ අතර මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 19,279ක් වන අතර ඉන් පුද්ගලයින් 13,270 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,935ක් බවයි කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. මෙරටින් වාර්තාවන සමස්ථ කොරෝනා මරණ 74ක්.  ඊයේ දිනයේදී පමණක් මෙරට තුළ PCR පරීක්ෂණ 10,514 ක් සිදුකර තිබෙනවා. ඒ අනුව ඉකුත් පෙබරවාරි මස 18 වනදා සිට මේ දක්වා කාලය තුළ මෙරට සිදුකර ඇති සමස්ථ PCR පරීක්ෂණ සංඛ්‍යාව හත්ලක්ෂ 24,166 ක්. 

මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 19, 280 ක්. ඉන් අසාදිතයින් 13,271 දෙනෙකු පූර්ණ සුවය ලබා මේවනවිටත් රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,935 ක්. 

මේ අතර නිරෝධායන රීති කඩ කල තවත් පුද්ගලයින් 34 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. ඒ අනුව මේ වන විට නිරෝධායන රීති කඩ කල  පුද්ගලයින් 392ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34