ඊජිප්තු ජාතිකයින් 9ක් ග්‍රීසියේ බෝට්ටු අනතුර සම්බන්ධව අධිකරණයට

දකුණු ග්‍රීසියට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුවූ යාත්‍රා අනතුර සම්බන්ධයෙන් ඊජිප්තු ජාතිකයන් නව දෙනෙකු ග්‍රීසියේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම අනතුරින් පුද්ගලයන් හැත්තෑ අට දෙනෙකු මිය ගොස් ඇති බව තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත් පාකිස්ථාන සෙනෙට් සභාවේ සභාපතිවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ පාකිස්ථානු ජාතිකයින් 300 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

ඔවුන් යාත්‍රාව මෙහෙයවීම, එයට අණ දීම සහ ග්‍රීක වෙරළාරක්ෂක භටයින් සමග සන්නිවේදනය සිදු කිරීම කළ බව දිවි ගලවා ගත් අය පැවසීමෙන් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?