ඊජිප්තුවට ගිය ජනපති රටවල් රැසක නායකයින් සමඟ සාකච්ඡාවල

ඊජිප්තුවේ පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 ලෝක සමුළුවට සහභාගී වීමට ගිය ජනධිපති රනිල් වික්‍රමසිංහ සහ රාජ්‍ය නායකයින් කිහිප දෙනෙක් අතර සාකච්ඡා පවත්වා තිබෙනවා.

ස්ලෝවේනියා ජනරජයේ ජනාධිපති බොරූට් පහෝර්, රුවන්ඩාවේ ජනාධිපති පෝල් කලාමා, බාබඩෝස් අගමැති සැන්ඩ්‍රා මේසන්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ආලෝක් ෂර්මා සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ සෙකනල් ජෙනරල් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් කේසී අතර මෙම සකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කොරියානු ජනරජයේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී මෙන්ම විශේෂ ජනාධිපති නියෝජිතවරිය වන නා කියුං-වොන් සමඟ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී සකච්ඡාවක් පවත්වා ඇති අතර, බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය රිෂි සුනක් ද හමු වී තිබෙනවා.

ඊජිප්තුවේ – ෂාම් එල් ෂීක් නුවරදී ඊයේ (06) ආරම්භ වූ මෙම සමුළුව ලබන 18 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?