ඉසුරු බණ්ඩාර රිමාන්ඩ්

බරපතළ මුල්‍ය වංචාවක් සිදුකළ චෝදනාවට මේ වනවිට රක්ෂිත බන්ධනාගාරව පසුවන තිළිණි ප්‍රියමාලි නැමැත්තියගේ ව්‍යාපාරික හවුල්කරුවා යැයි කියන ඉසුරු බණ්ඩාර නැමැත්තා හෙට (19) දිනය දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කර තිබෙනවා.

මේ වනවිට තිළිණි ප්‍රියමාලිට එරෙහිව පැමිණිලි 11ක් ඉදිරිපත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් පැමිණිලි 09ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති අතර, පැමිණිලි දෙකක් මීගමුව පොලිසියට සහ තවත් පැමිණිල්ලක් කඩවත පොලිසියට ලැබී ඇති බව සඳහන්.

https://youtu.be/PLwvfcYQSnI