ඉස්සන් ගොවිපොළක තිබූ ජල ටැංකියකට වැටී පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
මුන්දලම, බත්තුළුඔය ප්‍රදේශයේ ඉස්සන් ගොවිපොළක තිබූ ජල ටැංකියකට ඊයේ (19) දහවල් කාලයේ මෙම පුද්ගලයා වැටී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
එලෙස ජල ටැංකියට වැටුණු පුද්ගලයා මුන්දලම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ වව්නියාව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 24ක තරුණයෙක්.
මෙම පුද්ගලයා අපස්මාර රෝගී තත්වයෙන් ජල ටැංකියට වැටී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බවයි මුන්දලම පොලිසිය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
4
+1
+1




