ඉෂාරා සොයා දෙන්නෙකුට පොලිස් අරමුදලින් ලක්ෂ 12ක තෑග්ගක්

ගනේමුල්ල සංජීව නම් සංවිධානාත්මක අපරාධකරු අධිකරණ භූමිය තුළ දී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දුන් සැකකාර කාන්තාව වන ඉෂාරා සෙව්වන්දි සති දෙකකට ආසන්න කාලයක් අතුරුදන් ව සිටිනවා.

තවමත් ශ්‍රී ලංකා පොලිසියට සහ විශේෂ කාර්‍යය බලකාය ඇතුළු ආරක්ෂක අංශ කෙතරම් පරිශ්‍රමයක් දැරුව ද සැකකාරිණිය අත් අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර ඇය අත් අඩංගුවට ගැනීම සඳහා පසුගියදා ශ්‍රී ලංකා පොලිසිය මහජන සහාය ද ඉල්ලා සිටියා.

ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කර ඇත්තේ සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක අමතා හැකි විගස දැනුම්දෙන ලෙස යි.

මෙම සැකකාරිය පිළිබඳව සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් ලක්ෂ 12ක ත්‍යාග මුදලක් පිරිනැමීමට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර තිබෙනවා.

මීට පෙර ලබා දීමට එකඟ වී තිබුණේ රුපියල් ලක්ෂ 10ක මුදලක්.

නමුත් දින 14ක් ගත වුව ද සැකකාරිණිය සොයා ගත නොහැකි වීම හේතුවෙන් ශ්‍රී ලංකා පොලිසිය යළිත් එම ත්‍යාග මුදල් ප්‍රමාණය ඉහළ නංවා ඇති බවත් දැකිය හැකියි.

එබැවින් අදාළ සැකකාරිණිය ගැන යම් නිවැරදි තොරතුරක් දෙන අයෙකුගේ රහස්‍යභාවය අතිශයින් ම සුරක්ෂිත කිරීමට ද ශ්‍රී ලංකා පොලිසිය කැප වී සිටින බව ද නිවේදනය කරනවා.

සැකකාරිණිය පිළිබඳ ව යම් තොරතුරක් වෙතොත් දුරකථන අංක 071 – 8591727 (අධ්‍යක්ෂ, කොළඹ අපරාධ කොට්ඨාසය) හෝ 071 – 8591735 (ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය) වෙත දැනුම්දෙන ලෙසයි ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?