ඉල්ලුම පහත වැටීමත් සමඟ ප්‍රංශයේ වයින් විනාශ කරන්න යුරෝ මිලියන 200ක්

ඉල්ලුම අඩුවීම හමුවේ අතිරික්ත වයින් තොගයක් විනාශ කිරීමට සහ නිෂ්පාදකයින්ට සහාය වීමට ප්‍රංශ රජය යුරෝ මිලියන 200 (පවුම් මිලියන 171.6)ක් වෙන් කර තිබෙනවා.

වැඩි පිරිසක් ක්‍රාෆ්ට් බියර් පානය කරන බැවින් වයින් සඳහා ඇති ඉල්ලුම පහත වැටීම ඇතුළු කර්මාන්තයට බලපෑම් කර ඇති ගැටලු කිහිපයක් හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

අතිරික්ත නිෂ්පාදනය මෙන්ම ජීවන වියදම් අර්බුදය ද කර්මාන්තයට බලවත් පහරක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා

යුරෝ මිලියන 200න් වැඩි කොටසක් අත් සනීපාරක්ෂක (sanitiser), පිරිසිදු කිරීමේ නිෂ්පාදන සහ සුවඳ විලවුන් වැනි අයිතමවල අතිරික්ත තොග මිලදී ගැනීමට භාවිතා කරනු ඇති.

අතිරික්ත නිෂ්පාදන කපා හැරීමේ උත්සාහයක් ලෙස, වයින් ආශ්‍රිත අමුද්‍රව්‍ය වගා කරන්නන් සඳහා ඔලිව් වැනි වෙනත් නිෂ්පාදන වෙත මාරු වීමට ද මුදල් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

කෘෂිකර්ම අමාත්‍ය Marc Fesneau සඳහන් කළේ කර්මාන්තයට මුදල් යෙදවීමේදී මිල කඩාවැටීම නතර කිරීම මගින් වයින් නිෂ්පාදකයින්ට නැවත ආදායම් මාර්ග සොයා ගත හැකි බවයි.

මූල්‍යමය ආධාර තිබියදීත්, වයින් කර්මාන්තය “අනාගතය දෙස බැලීමටත්, පාරිභෝගික වෙනස්කම් ගැන සිතීමට සහ අනුවර්තනය වීමටත් අවශ්‍ය බව ඔහු ප්‍රකාශ කළා.

යුරෝපීය කොමිසමේ දත්ත පෙන්නුම් කරන්නේ ජූනි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ වයින් පරිභෝජනය ඉතාලියේ 7%, ස්පාඤ්ඤයේ 10%, ප්‍රංශයේ 15%, ජර්මනියේ 22% සහ පෘතුගාලයේ 34% ලෙස පහත වැටී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04