AFC Banner
AFC Banner
Empty Ad

ඉරාන ජාතිකයින් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් ජීවිතාන්තය තෙක් සිරදඬුවම් (වීඩියෝ)

කොළඹ, මට්ටක්කුලිය ආශ්‍රිත මුහුදු තීරයේ දී හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් ඉරාන ජාතිකයින් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා.

අදාළ චෝදනාවලට විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා විසින් මෙම තීන්දුව ලබා දුන් බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

2019 වසරේ ජූලි මස 12 වනදා කොළඹ, මට්ටක්කුලිය ආශ්‍රිත මුහුදු තීරයේදී හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සිදුකළ වැටලීමකට අනුව මෙම පිරිස අත්අඩංගුවට ගැනුණා.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකරනු ලැබුවා.

මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බව විත්තිකරුවන් සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම්දුන්නා.

ඒ අනුව විත්තිකරුවන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන ලෙස සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා ඉහත නියෝගය ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?