ඉරානය හෙට පුටින් සමඟ විශේෂ සාකච්ඡාවක

සඳුදා දිනයේ රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සමඟ රැස්වීමක් සඳහා මොස්කව් වෙත යන බව ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරක්චි පවසනවා.

තුර්කියේ ඉස්තාන්බුල්හි සිට මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“මම අද දහවල් මොස්කව් වෙත යනවා, හෙට උදෑසන ජනාධිපති පුටින් සමඟ රැස්වීමක් තියෙනවා. රුසියාව ඉරානයේ මිතුරෙක්,” විදේශ අමාත්‍යවරයා ඉස්තාන්බුල්හි වාර්තාකරුවන්ට පවසා තිබෙනවා.

මේ අතර ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි තම රටේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් පවසන්නේ ට්‍රම්ප් ඉරානය සහ ඇමරිකානු ජනතාව යන දෙකම පාවා දුන් බවයි.

“ජනාධිපති ට්‍රම්ප් තේරී පත් වූයේ ඇමරිකාවේ මිල අධික යුද්ධවලට ලෝකයේ අපගේ කොටසේ සදාකාලික යුද්ධවලට සම්බන්ධ වීම අවසන් කිරීමේ වේදිකාවක් මත වුවද, ඔහු රාජ්‍ය තාන්ත්‍රිකභාවය සඳහා අපගේ කැපවීම අනිසි ලෙස භාවිතා කිරීමෙන් ඉරානය පමණක් නොව, ඊශ්‍රායල තන්ත්‍රයේ අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා ඇමරිකානු පුරවැසියන්ගේ ජීවිත හා ධනය සූරාකෑමට පුරුදු වී යුද අපරාධකරුවෙකුගේ මෙහෙවරට යටත් වීමෙන් ඔහුගේම ඡන්දදායකයින් ද රවටා තිබෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34