UPDATE:ඉරානය සමස්ත සටන් විරාමයක් නිවේදනය කළ ද, ඊශ්‍රායලයෙන් කිසිදු ප්‍රතිචාරයක් නෑ

ඉරානය සමස්ත සටන් විරාමයක් දේශීය වේලාවෙන් පෙරවරු 07.30ට එරට රාජ්‍ය රූපවාහිනියෙන් ප්‍රකාශයට පත් කෙරුණ ද, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යෝජනාව තවමත් ඊශ්‍රායලය විසින් පිළිගෙන නොමැති බව වාර්තා වනවා.

AP පුවත් සේවය වාර්තා කළේ ට්‍රම්ප් විසින් ඊශ්‍රායලය හා ඉරානය අතර සමස්ත සටන් විරාමයක් ගැන නිවේදනයක් නිකුත් කිරීමෙන් පසුව ද ඉරානය විසින් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර දියත් කරනු ලැබූ බවයි.

ඉරානය පවසන පරිදි සඳුදා දින අමෙරිකානු ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස කටාර් හි අමෙරිකානු හමුදා කඳවුරකට සීමිත මිසයිල ප්‍රහාරයක් ඉල්ල කිරීමෙන් පසු ඉරානය සමස්ත සටන් විරාමයක් ගැන නිවේදනය කළා.

ඉරානය එල්ල කළ අඛණ්ඩ මිසයිල ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයින් භූගත කූඩාරම් වෙත දිව ගිය බව ද වාර්තා වනවා.

කෙසේවෙතත් මෙම ප්‍රහාරයෙන් ඊශ්‍රායල ජාතිකයින් සිව්දෙනෙකුට මරු කැඳවූ බවත් තවත් 08 දෙනෙකු බරපතළ තුවාල ලැබූ බව ඊශ්‍රායලයේ මැගන් ඩේවිඩ් ඇඩොම් ගලවා ගැනීමේ සේවා පැවසුවා.

ඊශ්‍රායලය ට්‍රම්ප්ගේ සටන් විරාමය ගැන මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැති අතර මේ හේතුවෙන් ඉරානයට එරෙහිව තවදුරටත් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ වැඩි කාලයක් ලැබෙනු ඇති.

මෙවන් තත්ත්වයක් මත ඉරානය ඊශ්‍රායලයට ‘අවසන් වටයේ මිසයිල ප්‍රහාරයක්’ එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

මූලාශ්‍රය – AP

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?