UPDATE:ඉරානය සමස්ත සටන් විරාමයක් නිවේදනය කළ ද, ඊශ්‍රායලයෙන් කිසිදු ප්‍රතිචාරයක් නෑ

ඉරානය සමස්ත සටන් විරාමයක් දේශීය වේලාවෙන් පෙරවරු 07.30ට එරට රාජ්‍ය රූපවාහිනියෙන් ප්‍රකාශයට පත් කෙරුණ ද, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යෝජනාව තවමත් ඊශ්‍රායලය විසින් පිළිගෙන නොමැති බව වාර්තා වනවා.

AP පුවත් සේවය වාර්තා කළේ ට්‍රම්ප් විසින් ඊශ්‍රායලය හා ඉරානය අතර සමස්ත සටන් විරාමයක් ගැන නිවේදනයක් නිකුත් කිරීමෙන් පසුව ද ඉරානය විසින් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර දියත් කරනු ලැබූ බවයි.

ඉරානය පවසන පරිදි සඳුදා දින අමෙරිකානු ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස කටාර් හි අමෙරිකානු හමුදා කඳවුරකට සීමිත මිසයිල ප්‍රහාරයක් ඉල්ල කිරීමෙන් පසු ඉරානය සමස්ත සටන් විරාමයක් ගැන නිවේදනය කළා.

ඉරානය එල්ල කළ අඛණ්ඩ මිසයිල ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයින් භූගත කූඩාරම් වෙත දිව ගිය බව ද වාර්තා වනවා.

කෙසේවෙතත් මෙම ප්‍රහාරයෙන් ඊශ්‍රායල ජාතිකයින් සිව්දෙනෙකුට මරු කැඳවූ බවත් තවත් 08 දෙනෙකු බරපතළ තුවාල ලැබූ බව ඊශ්‍රායලයේ මැගන් ඩේවිඩ් ඇඩොම් ගලවා ගැනීමේ සේවා පැවසුවා.

ඊශ්‍රායලය ට්‍රම්ප්ගේ සටන් විරාමය ගැන මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැති අතර මේ හේතුවෙන් ඉරානයට එරෙහිව තවදුරටත් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ වැඩි කාලයක් ලැබෙනු ඇති.

මෙවන් තත්ත්වයක් මත ඉරානය ඊශ්‍රායලයට ‘අවසන් වටයේ මිසයිල ප්‍රහාරයක්’ එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

මූලාශ්‍රය – AP



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09