ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල්වලට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරු බද්ධක්

ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවල භාණ්ඩ සඳහා 25%ක තීරු බද්දක් පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා.

ඉරානය සමඟ “ව්‍යාපාර කිරීම” යන්න පිළිබඳ විස්තර ඉදිරිපත් නොකර, තීරු බද්ද “වහාම ක්‍රියාත්මක වන” බව ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා තිබෙනවා.

චීනය, ඉරානයේ විශාලතම වෙළඳ හවුල්කරු වන අතර, පසුව ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තුර්කිය සහ ඉන්දියාව පසුවනවා.

ටෙහෙරානය විරෝධතාකරුවන් ඝාතනය කළහොත් ට්‍රම්ප් මිලිටරිමය වශයෙන් මැදිහත් වන බවට තර්ජනය කිරීමෙන් පසුව නව තීරුබදු පැනවීම සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?