ඉරානයට සහාය පළ කරමින් ඉරාක වැසියන් මහ පාරට

ඉරානයට සහාය පළ කරමින් දස දහස් ගණනක් ඉරාක වැසියන් අද (20) බැග්ඩෑඩ්හි සදර් නගරයට රැස්ව තිබෙනවා.

ඉරානයට එල්ල වූ ප්‍රහාර මධ්‍යයේ එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට එරෙහිව විරෝධතා පාඨ කියමින් සිකුරාදා යාඥාවලින් පසු ඉරාක වැසියන් මෙලෙස නගරයට රැස්ව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

විප්ලව නගරය ලෙස හැඳින්වෙන සදර් නගරය ඉරාක අගනුවරේ උප නගරයක් වන අතර ඇස්තමේන්තුගත ජනගහනය මිලියනයකට වඩා වැඩියි.

මේ අතර ඉරානය ඊශ්‍රායලයට අදත් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරන අතර, ඉරානය සහ ඊශ්‍රායල අතර යුද ගැටුම් ආරම්භ වී අද දිනට දින අටක් වනවා.

උතුරු, මධ්‍යම සහ දකුණු ඊශ්‍රායලයට අද මෙම ප්‍රහාර එල්ල වූ බවයි ඊශ්‍රායල හමුදාව පවසන්නේ.

මේ අතර ඊශ්‍රායල හමුදාව මෙම මිසයිල ප්‍රහාරය අවසන් බවට සංඥා කර ඇති අතර, ඊශ්‍රායල ජාතිකයින්ට ආරක්ෂිත ප්‍රදේශවලින් ඉවත් වීමට දැන් අවසර දී ඇති බවයි හමුදාව ඊශ්‍රායල එක්ස් හි සටහනක් තබමින් පවසා ඇත්තේ.

එමෙන්ම ඊශ්‍රායල හමුදාවට අනුව සිකුරාදා ඉරානය උතුරු, මධ්‍යම සහ දකුණු ඊශ්‍රායලය දෙසට නව මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

මේ අතර ඊශ්‍රායල ගුවන් අවකාශය නැවත විවෘත කිරීමෙන් පසු, ඊශ්‍රායලයෙන් පිටවීමට කැමති බ්‍රිතාන්‍ය ජාතිකයින්ට නැවත සිය රට බලා යාමට ඉඩ සැලසෙන පරිදි එක්සත් රාජධානිය විසින් වරලත් ගුවන් ගමන් සංවිධානය කරන බව නිවේදනය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
3
+1
2
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11