ඉරානයට කණ්ඩායමට අමෙරිකාවේදී වන කෙනෙහිලිකම් එරෙහිව ඊජිප්තුව පෙරට

FIFA 2026 පාපන්දු ලෝක කුසලානය මේ දිනවල අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල දී ඉතාමත් උණුසුම් අන්දමින් පැවැත්වෙනවා.

කෙසේ වෙතත් පාපන්දු ලෝක කුසලානයට සහභාගි වී සිටින ඉරාන ජාතික කණ්ඩායමට ලෝක කුසලානයේ දී අසාධාරණ තරඟ කාලසටහන් වෙනත් සංචාරක සංචාරක සීමාවන් මුහුණ දී ඇති බවට පාර්ශව රැසකින් චෝදනා එල්ල වුණා.

මේ අතර ඉරාන ඉදිරිපෙළ ක්‍රීඩක මෙහ්ඩි ටරේමි සහ සහකාර පුහුණුකරු සයීඩ් අල්හෝයිව අමෙරිකාවේ නිලධාරීන් විසින් ගැටළුකාරී තත්ත්වයකට ඇදදැමූ බවත් ඊජිප්තුවට එරෙහි තරඟය සඳහා සියැටල් වෙත පිටත්ව ගිය කණ්ඩායමට ඒ තත්ත්වය මත ප්‍රමාද වූ බවත් ඉරාන පාපන්දු සම්මේලනය ඊයේ (25) නිවේදනය කළා.

මේ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේම විදෙස් ක්‍රීඩා මාධ්‍ය තුළ මෙන්ම පාපන්දු ප්‍රේක්ෂකයින් අතර ද විශාල කතාබහක් නිර්මාණය වූ අතර, ඉරානයේ මීලග තරගයේ ප්‍රතිවාදී කණ්ඩායම වන ඊජිප්තු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විසින් ද මේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

එහිදී ඊජිප්තු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හොසාම් හසන් පවසා ඇත්තේ FIFA ලෝක කුසලානයේ සියලුම කණ්ඩායම්වලට එක හා සමානව සැලකිය යුතු බවයි.

මීලග ප්‍රතිවාදියා වන ඉරාන කණ්ඩායමට පණිවිඩයක් තිබේදැයි විදෙස් මාධ්‍යවලින් විමසූ විට, ඔහු ඊයේ කියා තිබුණේ “ලෝක කුසලානයට සහභාගී වීමට අයිතියක් ඇති සියලුම කණ්ඩායම් කෙරෙහි තමා ගරු කරන” බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
3
+1
4
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මම අපරාජිත දේශපාලකයෙක්..ඔයාලට පිං - මෛත්‍රිපාල ගැම්මට කිව්ව කතාව
02:42
Video thumbnail
මෛත්‍රී අපූරුවට බණ කිව්ව හැටි.."ළමයි Phone අරගෙන වෙන ඒවට ඇඟිලි ගහන්නේ.."
06:23
Video thumbnail
පිළිකා රෝගින් වෙනුවෙන් තම හිසකෙස් පරිත්‍යාග කළ කාන්තාවන් - පොලිස් කාන්තාවොත් ඇවිත්
01:40
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල සහ ටී.බී. සරත් එකටම ගිය ගමන - දැන් දේශපාලකයන්ට පාර්ලිමේන්තුවේ චෝදනා එන්නේ නෑ
11:09
Video thumbnail
ඇසළ පුන් පොහොය නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
01:36
Video thumbnail
මාතර වෙළෙඳසැලක හදිසියේම හටගත් මහ ගින්න - පළාතම කළු දුමෙන් වැසී ගිහින්
00:47
Video thumbnail
අධිකරණයට අත නොතබනු
00:58
Video thumbnail
ආණ්ඩුව ජනප්‍රියයි නම් ජනමත විචාරණයකට යන්න
02:36
Video thumbnail
මේ ආණ්ඩුව අපි විශ්වාස කරන්නේ නෑ
01:15
Video thumbnail
විපක්ෂයේ මන්ත්‍රීවරු තමයි අධිකරණයට බලපෑම් කරන්නේ
01:14