ඉරාකයේ මංගල උත්සවයක ගින්නක් – 113 දෙනෙක් ජීවිතක්ෂයට

උතුරු ඉරාකයේ මංගල උත්සවයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 113 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ගින්නෙන් තවත් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.

මේ අතර මනාලිය සහ මනාලයා ද සිටින බවයි තොරතරු වාර්තා වුණේ.

ඉරාකයේ උතුරු නිනිවේ පළාතේ අල්-හම්දානියා දිස්ත්‍රික්කයේ අඟහරුවාදා (26) රාත්‍රියේ පැවති පැවති මංගල උත්සවයක මෙම ගින්න හටගෙන තිබුණා.

ගින්නට හේතුව කුමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැති අතර, ගිනිකෙළි දැල්වීමෙන් පසුව එය හටගන්නට ඇති බවටයි සැකපළ කරන්නේ.

ගින්න හටගන්නා විට 1,000 ක පමණ පිරිසක් උත්සවයට පැමිණ සිටි බවට තොරතරු වාර්තා වනවා.

උත්සව ශාලාව ඉදිකිරීම සඳහා භාවිත කරන ලද දැවෙන සුළු ද්‍රව්‍ය ගින්න විශාල වශයෙන් පැතිරයාමට දායක වූ බවට සැකකරන බවයි ඉරාක ආරක්ෂක බලධාරීන් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
6
+1
1
+1
1
+1
29
+1
5
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?