ඉම්රාන් ඛාන් නිදහස් කරන්නැයි ඉල්ලයි – හිටපු අගමැති වෙනුවෙන් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවත් එක්වන ලකුණු

පාකිස්තානයේ ටෙහිරික් – ඊ -ඉන්සාෆ් පක්ෂයේ නායක මෙන් ම හිටපු අග්‍රමාත්‍යවරයෙකු වන ඉම්‍රාන් ඛාන් ව නිදහස් කිරීමට මැදිහත් වන ලෙස බ්‍රිතාන්‍ය රජයෙන් එරට ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලා සිටිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාදයකය වන ‘පාර්ලිමේන්තුවේ’ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු එක් ව එරට විදේශ කටයුතු අමාත්‍ය ඩේවිඩ් ලැබී වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරන්නේ; අනීතිකව රඳවා සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරයා නිදහස් කරගැනීමට සිය රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීම් සිදු කළ යුතු බවටයි.

හිටපු පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මේ වනවිට එරට අඩියලා නමැති බන්ධනාගාරයේ සිරගත කර තිබෙනවා.

ඔහුව නිදහස් කරගැනීම වෙනුවෙන් ඔහුගේ පාක්ෂිකයින් වරින්වර එරට වත්මන් රජයට එරෙහිව වීදි බැස දැවැන්ත උද්ඝෝෂණ සිදු කළා.

එවන් පසුබිමකදියි පාකිස්තානයේ සහයෝගී රාජ්‍යයක් වන බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවේ ද අවධානය ඔහු වෙනුවෙන් යොමු ව ඇත්තේ.

ප්‍රජාතන්ත්‍රවාදයට ඇති තර්ජන හුවා දක්වමින් ඛාන් දේශපාලන කටයුතුවලින් ඉවත් කිරීම පිණිස සහ ඔහුගේ සක්‍රීය දේශපාලන ක්‍රියාකාරීත්වය නවතාලීමට එරට වත්මන් රජය පාකිස්තාන නීතිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ දැඩි කනස්සලට ලක් ව තිබෙනවා.

එබැවින් ඛාන්ගේ නිදහස වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වෙනුවෙන් කිම් ජොන්සන් , පෝලා බාර්කර්, අප්සානා බෙගම්, ලියම් බර්න්, රෝසි ඩෆ්ෆීල්ඩ්, ගිල් ෆර්නිස්, පෝලට් හැමිල්ටන්, පීටර් ලැම්බ්, ඇන්ඩි මැක්ඩොනල්ඩ්, ඇබ්ටිසම් මොහොමඩ්, බෙල් රිබෙයිරෝ-ඇඩී ඇතුළු මන්ත්‍රීවරුන් අදාළ ලිපිය වෙනුවෙන් අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39


?