ඉම්රාන් ඛාන් නිදහස් කරන්නැයි ඉල්ලයි – හිටපු අගමැති වෙනුවෙන් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවත් එක්වන ලකුණු

පාකිස්තානයේ ටෙහිරික් – ඊ -ඉන්සාෆ් පක්ෂයේ නායක මෙන් ම හිටපු අග්‍රමාත්‍යවරයෙකු වන ඉම්‍රාන් ඛාන් ව නිදහස් කිරීමට මැදිහත් වන ලෙස බ්‍රිතාන්‍ය රජයෙන් එරට ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලා සිටිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාදයකය වන ‘පාර්ලිමේන්තුවේ’ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු එක් ව එරට විදේශ කටයුතු අමාත්‍ය ඩේවිඩ් ලැබී වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරන්නේ; අනීතිකව රඳවා සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරයා නිදහස් කරගැනීමට සිය රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීම් සිදු කළ යුතු බවටයි.

හිටපු පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මේ වනවිට එරට අඩියලා නමැති බන්ධනාගාරයේ සිරගත කර තිබෙනවා.

ඔහුව නිදහස් කරගැනීම වෙනුවෙන් ඔහුගේ පාක්ෂිකයින් වරින්වර එරට වත්මන් රජයට එරෙහිව වීදි බැස දැවැන්ත උද්ඝෝෂණ සිදු කළා.

එවන් පසුබිමකදියි පාකිස්තානයේ සහයෝගී රාජ්‍යයක් වන බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවේ ද අවධානය ඔහු වෙනුවෙන් යොමු ව ඇත්තේ.

ප්‍රජාතන්ත්‍රවාදයට ඇති තර්ජන හුවා දක්වමින් ඛාන් දේශපාලන කටයුතුවලින් ඉවත් කිරීම පිණිස සහ ඔහුගේ සක්‍රීය දේශපාලන ක්‍රියාකාරීත්වය නවතාලීමට එරට වත්මන් රජය පාකිස්තාන නීතිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ දැඩි කනස්සලට ලක් ව තිබෙනවා.

එබැවින් ඛාන්ගේ නිදහස වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වෙනුවෙන් කිම් ජොන්සන් , පෝලා බාර්කර්, අප්සානා බෙගම්, ලියම් බර්න්, රෝසි ඩෆ්ෆීල්ඩ්, ගිල් ෆර්නිස්, පෝලට් හැමිල්ටන්, පීටර් ලැම්බ්, ඇන්ඩි මැක්ඩොනල්ඩ්, ඇබ්ටිසම් මොහොමඩ්, බෙල් රිබෙයිරෝ-ඇඩී ඇතුළු මන්ත්‍රීවරුන් අදාළ ලිපිය වෙනුවෙන් අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11