AFC Banner
Empty Ad
Empty Ad

ඉම්රාන් ඛාන් නිදහස් කරන්නැයි නියෝග

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙසට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ඔහු දැඩි ආරක්ෂාවක් යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි ඉම්රාන් ඛාන් පැයක කාලයක් ඇතුළත අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණා.

දූෂණ චෝදනා මත හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවටයි පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ.

ඒ අනුව ඔහු වහාම නිදහස් කරන ලෙස අධිකරණය නියෝග කරනු ලැබුවා.

ඔහු රඳවා තබා ගැනීමෙන් පසු රට පුරා පැතිර ගිය ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් 2,000ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාබ් ෂරීෆ්ගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අත්අඩංගුවට ගත් පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවටයි වාර්තා වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?