ඉම්රාන් ඛාන් නිදහස් කරන්නැයි නියෝග

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙසට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ඔහු දැඩි ආරක්ෂාවක් යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි ඉම්රාන් ඛාන් පැයක කාලයක් ඇතුළත අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණා.

දූෂණ චෝදනා මත හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවටයි පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ.

ඒ අනුව ඔහු වහාම නිදහස් කරන ලෙස අධිකරණය නියෝග කරනු ලැබුවා.

ඔහු රඳවා තබා ගැනීමෙන් පසු රට පුරා පැතිර ගිය ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් 2,000ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාබ් ෂරීෆ්ගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අත්අඩංගුවට ගත් පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවටයි වාර්තා වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34