දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පිවිසුමේදී පොලිස් කොස්තාපල්වරයෙකු විසින් බීමත් රියදුරෙකුගෙන් ප්රශ්න කිරීමේ සිදුවීමකට අදාළව ප්රචාරය වන දර්ශන පෙළ සම්බන්ධයෙන් පොලිසිය විසින් කරුණු පැහැදිලි කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරියා විසින් බීමත් රියදුරෙකු නවතා ප්රශ්න කිරීමේදී පොලිස් ස්ථානාධිපතිවරයෙකු විසින් අදාළ පොලිස් නිලධාරියාට දුරකථනයෙන් බලපෑම් කිරීමේ දර්ශන පෙළක්.
මෙම සිදුවීම පසුගිය වසරේ ජූනි 04 වනදා සිදුව ඇති බවයි පොලිස් මූලස්ථානය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.
ඒ සම්බන්ධයෙන් අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශයේ අධ්යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු විසින් පරීක්ෂණයක්ද සිදුකර තිබෙනවා.
එහිදී අදාළ ස්ථානාධිපතිවරයා විසින් විනය විරෝධී ක්රියාවක් කර ඇති බව අනාවරණය වී ඇති අතර ඔහුට එරෙහිව විනය ක්රියාමාර්ග ගැනීමට නිර්දේශ කරමින් එම විමර්ශන වාර්තාව අදාළ අංශ වෙත මේ වනවිටත් යොමුකර ඇතැයි පොලිසිය කියාසිටියා.
මේ අතර මහජන ආරක්ෂක අමාත්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් අදාල සිද්ධියට සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කර තමා වෙත විමර්ශන කරුණු වාර්තා කරන ලෙස පසුගිය වසfරේ ජූලි 26 වන දින පොලිස්පති වෙත ලිඛිතව උපදෙස් දී තිබෙනවා.
පොලිස්පති වෙත එදින යවන ලද ලිපියට අදාලව ගත් ක්රියාමාර්ග පිළිබඳව කරුණු විමසා වාර්තා කරන ලෙසත් ඉමදූව අධිවේගී මාර්ග ස්ථානාධිපතිට එරෙහිව දැඩි විනය ක්රියා මාර්ග ගන්නා ලෙසත් අද දින මහජන ආරක්ෂක අමාත්යවරයා විසින් මහජන ආරක්ෂක අමාත්යංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව උපදෙස් ලබා දී ඇති බවයි අමාත්යංශය නිවේදනය කලේ.

වෙන රටකනම් සොක්කා ඇතුලේ ලොක්කා එලියෙ..ලන්කාවේ එහෙම වෙන්නේ නෑ…
මට නම් හරිම සැකයි අර පොලිස් කොස්තාපල් වරයාගෙන් පලි ගැනීමට ඇති ඉඩකඩ ගැන. ඇමති වරයා ඒ ගැනත් අවධානය යොමු කලොත් තවත් මේවට උදව් දෙන නිලධාරී ගැනත් දැන ගන්න පුළුවන් වෙයි.
ජූලි මාසෙ වරද කරා
ජූලි මාසෙ පරික්සෙනේ කරා.
අගෝස්තු සැත්තැම්බර් ඔට්ජ්තොබර් නොවැම්බර් දෙඩසැබ්බර් මුංට නින්දගිහිං හිටියෙ.
ජනවාරි දැං, අර වීඩියෝව පේස්බුකුවෙ නෝන්ඩි උනාම තමයි මුන්ට ඇහැරිලා තියෙන්නෙ.
තුහ් නොදකිං මේ පර හැත්ත.
අර පොලිස් කොල්ලා ඕක ලීක් කරේ නැත්තං පරික්සෙනේ ත් ඉවරයි.
මේ වගෙ වේස ප*කු තමයි තීවිල් බයික් වලට නීතිය කියාත්මක කරන්ඩ පාරට එන්නෙ.
තුහ් නොදකිං මේ රට.
ඕකට මොකවත් වෙන්නේ නැත.බලමු දෙන දඩුවම මොකක්ද කියලා.