AFC Banner
AFC Banner
Empty Ad

ඉන්ස්ටග්‍රෑම් එකෙන් කෝලි, කෝටි ගණන් සල්ලි හොයන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

ඉන්ස්ටග්‍රෑම් හි අනුග්‍රාහක පෝස්ටුවක් සඳහා වැඩිම මුදල් අයකරන ලොව ජනප්‍රිය පුද්ගලයින් පිළිබඳ වාර්තාවක් ඊයේ ප්‍රසිද්ධියට පත් කර තිබුණා.

Hopper HQ නැමැති ආයතනය විසින් මෙම ලැයිස්තුව ප්‍රසිද්ධියට පත්කර තිබූ අතර, පාපන්දු ක්‍රීඩකන් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ලයනල් මෙසී, හොලිවුඩ් සුපිරි නිළි සෙලීනා ගෝමස් වැනි සුපිරි තරු එහි සිටිනවා.

මෙම ලැයිස්තුවේ සිටින එකම ඉන්දියානුවා සහ එකම ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ සුපිරි පිතිකරු විරාට් කෝලි බවයි අදාළ ආයතනය පෙන්වා දී ඇත්තේ.

ඒ, අනුව කෝලි ඉන්ස්ටග්‍රෑම් හි අනුග්‍රාහක පෝස්ටුවකින් ඉන්දියානු රුපියල් කෝටි 11.45ක මුදලක් උපයා ගන්නා බවයි වාර්තා වන්නේ.

මෙම ආදායමත් සමඟ ඉන්ස්ටග්‍රෑම් හි වැඩිම ආදායමක් උපයන කීර්තිමත් පුද්ගලයින්ගේ ලැයිස්තුවේ 14 වැනි ස්ථානය ඔහුට හිමිව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සුපිරි පිතිකරුවා අදාළ වාර්තාවන් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වුණේ.

මීට පෙර ට්විටර් ලෙස හැඳින් වූ මේ වනවිය එක්ස් ලෙස හඳුන්වන සමාජ මාධ්‍ය ජාලයේ විශේෂ සටහනක් තබමින් කෝලි මේ බව පවසා තිබෙනවා.

“මට ජීවිතයේ ලැබුණු සෑම දෙයකටම මම ස්තුතිවන්ත වන අතර ණයගැති වන අතර, මගේ සමාජ මාධ්‍ය ඉපැයීම් පිළිබඳ ප්‍රවෘත්ති සත්‍ය නොවේ” යනුවෙන් ඔහු එහි සඳහන් කර ඇති ආකාරය දැකගත හැකි වනවා.

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය වේදිකාව තුළ විරාට් කෝලිට මිලියන 256 අනුගාමිකයින් සිටිනවා.

01 1
02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?