ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදලක්

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් යළි ඉහළයාමත් සමග සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ නැංවීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව කළ ඉල්ලීම සම්බන්ධයෙන් රජයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව වාර්තා වේ.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදලක් ඇති කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් මේ වනවිට සකස් කරමින් සිටින බවය.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මේ වනවිට සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ.

සාමාන්‍යයෙන් ලෝක වෙළඳපොළේ මිල සම්බන්ධයෙන් අදහසක් ගනු ලබන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් 94ක් ලෙසය.

එය පසුගිය දෙසැම්බර් 20 වනදා වනවිට පැවතියේ අමෙරිකානු ඩොලර් 71ක අගයකය.

ඒ අනුව ගෙවුණු අවසන් මාස දෙකක කාලය තුළ බොරතෙල් මිල 32% කින් ඉහළ ගොස් තිබේ.

මෙවන් පසුබිමක ලංකා ඛනිතෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට රජයෙන් ඉල්ලා ඇත.

එම සංස්ථාව පෙන්වාදෙන ආකාරයට මේ වනවිට පිරිපහදු කළ ආනයනික පෙට්‍රල් ලීටරයකින් රුපියල් 15යි ශත 68 ක අලාභයක් සංස්ථාවට සිදුවනවා.

පිරිපහදු කළ ආනයනික ඩීසල් ලීටරයකින් රුපියල් 48 යි ශත 30 ක පමණ අලාභයක් සිදුවන බව එම සංස්ථාව පවසයි.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව අවසන් වරට ඉන්ධන මිල ඉහළ නංවා තිබුණේ පසුගිය දෙසැම්බර් 20 වනදාය.

එම මිල වැඩිකිරිමෙන් පසු මේ වනවිට සිපෙට්කෝ පෙට්‍රල් ලීටරයක් රුපියල් 177කටත්,ඩීසල් ලීටරයක් රුපියල් 121කටත් අලෙවි වේ.

ඛනිජතෙල් සංස්ථාව පවසන්නේ වරායේ සිට ගොඩබෑමෙන් පසු බදු ඇතුළු ගෙවීම් සියල්ල එකතු කළ පසු පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 192ක් හා ඩීසල් ලීටරයක මිල රුපියල් 169ක් විය යුතු බවයෙ.

ඒ අනුව මෙම වියදම් පියවා ගැනීමට ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා වන යෝජනාවක් ඛනිජතෙල් නීතිගත සංස්ථාව රජයට ඉදිරිපත් කර තිබේ.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් රජයෙන් නිශ්චිත ප්‍රතිචාරයක් ලැබී නොමැති බව වාර්තා වේ.

මේ අතර, අද (13) දිනයේ විදුලි ඉල්ලුමට ප්‍රමාණයත් සැපයුමක් පද්ධතිය සතුව පවතින බැවින් විදුලිය කප්පාදුවක් සිදුනොවන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34