ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදලක්

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් යළි ඉහළයාමත් සමග සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ නැංවීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව කළ ඉල්ලීම සම්බන්ධයෙන් රජයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව වාර්තා වේ.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදලක් ඇති කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් මේ වනවිට සකස් කරමින් සිටින බවය.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මේ වනවිට සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ.

සාමාන්‍යයෙන් ලෝක වෙළඳපොළේ මිල සම්බන්ධයෙන් අදහසක් ගනු ලබන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් 94ක් ලෙසය.

එය පසුගිය දෙසැම්බර් 20 වනදා වනවිට පැවතියේ අමෙරිකානු ඩොලර් 71ක අගයකය.

ඒ අනුව ගෙවුණු අවසන් මාස දෙකක කාලය තුළ බොරතෙල් මිල 32% කින් ඉහළ ගොස් තිබේ.

මෙවන් පසුබිමක ලංකා ඛනිතෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට රජයෙන් ඉල්ලා ඇත.

එම සංස්ථාව පෙන්වාදෙන ආකාරයට මේ වනවිට පිරිපහදු කළ ආනයනික පෙට්‍රල් ලීටරයකින් රුපියල් 15යි ශත 68 ක අලාභයක් සංස්ථාවට සිදුවනවා.

පිරිපහදු කළ ආනයනික ඩීසල් ලීටරයකින් රුපියල් 48 යි ශත 30 ක පමණ අලාභයක් සිදුවන බව එම සංස්ථාව පවසයි.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව අවසන් වරට ඉන්ධන මිල ඉහළ නංවා තිබුණේ පසුගිය දෙසැම්බර් 20 වනදාය.

එම මිල වැඩිකිරිමෙන් පසු මේ වනවිට සිපෙට්කෝ පෙට්‍රල් ලීටරයක් රුපියල් 177කටත්,ඩීසල් ලීටරයක් රුපියල් 121කටත් අලෙවි වේ.

ඛනිජතෙල් සංස්ථාව පවසන්නේ වරායේ සිට ගොඩබෑමෙන් පසු බදු ඇතුළු ගෙවීම් සියල්ල එකතු කළ පසු පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 192ක් හා ඩීසල් ලීටරයක මිල රුපියල් 169ක් විය යුතු බවයෙ.

ඒ අනුව මෙම වියදම් පියවා ගැනීමට ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා වන යෝජනාවක් ඛනිජතෙල් නීතිගත සංස්ථාව රජයට ඉදිරිපත් කර තිබේ.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් රජයෙන් නිශ්චිත ප්‍රතිචාරයක් ලැබී නොමැති බව වාර්තා වේ.

මේ අතර, අද (13) දිනයේ විදුලි ඉල්ලුමට ප්‍රමාණයත් සැපයුමක් පද්ධතිය සතුව පවතින බැවින් විදුලිය කප්පාදුවක් සිදුනොවන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?